අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැරදිකරු වී දැනට සිරදඬුවම් ලබන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වෙත සමාව ලබාදෙන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පසුගිය මස 31 වැනිදා කළ ලිඛිත ඉල්ලීමක් යොමු කොට තිබූ අතර එම ලිපිය මේ වනවිට පොරොත්තු ලේඛනයට ඇතුළු කොට ඇතැයි ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණදීර මහතා සතිඅන්ත පුවත් පතකට පවසා ඇත.
එය පසුගිය 01 වැනිදා ලැබුණු බවත්, මෙම ලිපිය ජනාධිපති වරයා වෙත ලැබී දින කිහිපයකට වඩා ඉක්ම ගොස් නොමැති බැවින් ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියා මාර්ග ගැන දැනට යමක් කිව නොහැකි බව ද ඒ මහතා වැඩි දුරටත් කීය.