ශ්‍රී ලාංකිකයන් දැන් කන්නේ “බඩෙන් බාගයයි” අල් ජසීරා වාර්තාවක් කියයි දුප්පත් පොහොසත් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් කෙඩෙත්තු ස්වභාවයකට පත් ව ඇති අතර ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් ඔහුන් තමන් පුරුදු වූ මුදලින් ආහාර ප්‍රමාණයෙන් අඩක් අනුභව කරන බව අල් ජසීරා පුවත් සේවයේ අලුත්ම ප්‍රවෘත්තියක් මඟින් අනාවරණය කොට තිබේ.එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් මෙලෙසිනි.
දුප්පත් පොහොසත් භේදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් කෙඩෙත්තු ස්වභාවයකට පත් ව තිබේ.බැරෑරුම් වන ආර්ථික අර්බුදයකින් බැට කෑ කොළඹ අගනුවර අවිධිමත් ජනාවාසවල ජනතාව පවසන්නේ වසරකටත් අඩු කාලයකදී ආහාර මිල දෙගුණයකින් ඉහළ ගොස් ඇති බැවින් තමන් පුරුදු වූ මුදලින් ආහාර වලින් අඩක් අනුභව කරන බවයි. මධ්‍යම පාන්තික තදාසන්න ප්‍රදේශවල ප්‍රදේශවල කැෆේ, බේකරි සහ රූපලාවන්‍යාගාරවල හිමිකරුවන්ට සිය කාර්ය මණ්ඩලය අතහැර දැමීමට සිදු වී තිබේ. පැය ගණන් විදුලිය විසන්ධි කිරීම මත අඩු ආදායම් ලාභීන් පාරිභෝගිකයින් ඉවත් කරමින් මුළුමනින් ව්‍යාපාර වසා දැමීමේ තත්වයකටඔව්හු මුහුණ දී සිටිති.