පසුගිය නව වැනිදා කොළඹ ගාලුමුවදොර පිටිය අසල ආරම්භ වූ වත්මන් රජයට එරෙහි විරෝධතාවය තුන් වන දිනයටත් ගෙන එමින් මේ වන විටත් පැවැත්වේ.ඊයේ(10) රාත්‍රියේ තරුණ කණ්ඩායම් ගාලු මුවදොර පිටියේ කූඩාරම් තනා ඒවායේ ගත කරනු දක්නට ලැබිණ. මේ වන වනවිට ඔවුන් සඳහා අවශ්‍ය ආහාර පාන,ජලය,හදිසි ප්‍රතිකාර සේම සනීපාරක්ෂක පහසුකම් ලබා දීමට බොහෝ පිරිස් එක් වී තිබේ.මෑත ඉතිහාසයේ පැවති ජනතා විරෝධතා අතුරින් වඩාත් විධිමත් හා සංවිධාත්මක විරෝධතාවයක් ගොඩ නැඟීමට නූතන තරුණ පරපුර දැක්වූ විශිෂ්ඨ සමත් කම බොහෝ පාර්ශවන් ගේ ප්රසාදයටත් අගැයුමටත් ලක් වෙමින් තිබේ.