ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක ,ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා මහතා ඊයේ(05) රාත්‍රී අභාවප්‍රාප්ත වී තිබේ.ඒ අගනුවර පෞද්ගලික රෝහලක දීය.පසුගිය දිනවල කොව්ඩ් ආසාදනය වී රෝහල් ගතව සිටි ඒ මහතා ඉන් සුවය ලබා නිවසට පැමිණ සිටි අතර ඊයේ හට ගත් ස්වසන අපහසුතාවක් හේතුවෙන් යළි රෝහල් ගත කොට තිබේ.මරණය හේතුව කොවිඩ් සංකූලතාවයක් වන නියුමෝනියාව බවට අනුමාන කෙරේ.සුනිල් පෙරේරා යනු සිංභල සංගීත ක්ෂේත්රයේ ජනප්‍රිය රැල්ලක් ඇති කළ පුරෝගාමී කලා කරුවෙකි.තමන්ටම ආවේණික හඬ පෞරුෂයක් මඟින් සුවිශේෂ අනන්‍යතාවක් පළ කළ ඒ මහතා සමාජ දේශපාලන ආදී සමාජ කතිකාවන් හිදී නොබියව තම ස්වාධීන අදහස් පළ කළ නිදහස් මතධාරියකු ලෙස ද ප්රකටව සිටියේය.මිය යන විට ඔහුගේ වයස අවුරුදු හැට අටකි