විශාල පිරිසක් ගෝටාගෝගමට අවුරුදු නෑගම් එති

ජනාධිපතිවරයාට සහ රජයට ඉවත් වන ලෙස ඉල්ලමින් හයවැනි දිනටත් කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලු මුවදොර පිටියේ ඔවුන් විසින් :”ගෝටාගෝගම ” ලෙස නම් කර ගත් කලාපය ආශ්‍රිතව අසල පැවැත්වෙන විරෝධතාවය සඳහා ඊයේ (14) රාත්‍රිය වන විට විශාල ජනකායක් එක්ව සිටිනු දක්නා ලදී.මෙවර අගනුවර හා තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාව ඉන්ධන හිඟය ආර්ථික දුෂ්කරතා ආදිය හේතුවෙන් සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තම ගම් බිම් කරා යාම සීමා කොට තිබූ අතර ඔවුන් එම නෑගම් යෑම වෙනුවට ගාලුමෝදර විරෝධතාවේ යෙදී සිටින තරුණ පරපුරට සහයෝගය දැක්වීම සඳහා ගෝටාගෝගමට පැමිණ තිබූ අතර ඔවුන් ද රජයට විරෝධය පළ කළ ආකාරය දැකගත හැකි විය.

කාලීන පුවත්