අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (17) සිට පෞද්ගලික බස් රථ ධාවනය ආරම්භ කරන අතර හෙට සිට 50% ක් දක්වා වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකාපෞද්ගලික බස් රථ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියයි. මේ අතර අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා ගිය ජනතාවට යළි පැමිණිම සඳහා විශේෂ දුම්රිය කිහිපයක් අද දිනයේත් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.