#පන්නමු! පා ගමන සාර්ථක ලෙස පෙරටම

#පන්නමු! තේමාවෙන් ජාතික ජන බලවේගය විසින් වත්මන් රජයට එරෙහිව සංවිධානය කරන ලද තෙදින මහා පා ගමන අද(18) අති සාර්ථක ලෙසින් වාද්දූවේ සිට මොරටුව දක්වා ඉදිරියට පැමිණෙමින් තිබේ.මෙය ඊයේ (17) උදේ 09 ටබේරුවලින් ආරම්භ වූ මෙය හෙට මොරටුවේ සිට කොළඹ නගර සභා පිටිය දක්වා පැමිණීමට නියමිත අතර නගර සභා පිටියේදී දැවැන්ත විරෝධතා රැලියක් සූදානම් කර ඇත.මෙම පා ගමන සඳහා ජාතික ජන බලවේගයේ නායකයින්, කලාකරුවන්, වෛද්‍යවරුන්, නීතීඥයින්, විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ විශාල පිරිසක් එක්ව සිටිති.විරෝධතා පාගමන එන මග දෙපස ජනතාව විරෝධතා කරුවන් හට, සිසිල් පැනින් සංග්‍රහ කරමින්, කෙටි ආහාර වර්ග ලබා දෙමින් පා ගමනට සහයෝගයක් දක්වනු ලැබීම විශේෂත්වයකි.

කාලීන පුවත්