“මට වැරදුණා” ජනපති පිළිගනියි

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීමෙන් හා මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහනකට නොයාම වරදක් යැයි තමන්ට දැන් සිතෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.ඒ අනුව ගොවීන්ට රසායනික පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපති වරයා පැවැසීය.ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමෙන් පසු ඒ අමාත්‍යවරුන් අමතමිනි.එමෙන්ම රජයෙන් අතපසුවීම් සිදුවූ බවත් එම අතපසුවීම් නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමා සූදානම් බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.නමුත් ඒ සමබන්ධයෙන් විද්වතුන් කියා සිටිනුයේ ජනාධිපති වරයා ගේ දේශපාලනික අපරිනත බව මුල් කොට ගත් මෙම තීරණ වලින් රටට සිදුව ඇති බරපතල හානිය පියැවීමට ඔහු සමත් වෙතැයි සිතිය නොහැකි බවය.

කාලීන පුවත්