ජනතාව පාරවල් වසා උද්ඝෝෂණය කරති

(18) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල යළිත් වැඩි කිරීම හේතුවෙන් ප්‍රදේශ රැසකදී ජනතාව මගී වාහන හරස් කොට ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා ආරම්භ කර ඇත.ජනාධිපති වරයා ඇතුළු රජය විවිධ උප්පරවැට්ටි යොදමින් තව දුරටත් බලයේ රැඳී සිටීමට දරන වෑයම කවර ලෙසකින් හෝ පරාජය කොට නැවත මැතිවරණයක් එළඹෙන තුරු රට භාරකාර රජයක පාලනයකට යටත් කළ යුතු බවට පවත්නා මත වාදය මේ වන විට රට පුරා පැතිර යමින් තිබේ.ඒ උදෙසා ඔවුන් නිරන්තර අරගලයක යෙදීමේ සූදානමක් පවතින බවට ද තොරතුරු ලැබෙමින් තිබේ

කාලීන පුවත්