රඹුක්කන පොලිස් වෙඩි පහරින් මියගිය චමින්ද ලක්ෂාන් ගේ අවසන් කටයුතු හෙට (23)

රඹුක්කනදී පොලිස් වෙඩි පහරට ලක් ව මියගිය චමින්ද ලක්ෂාන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) දේවාලේගම පොලිස් වසමේ හිරිවඩුන්නේ දී සිදු කිරීමට නියමිත ය.

මහජන ආරක්ෂක පනතේ 12 (1) වගන්තිය ප්‍රකාරව කෑගල්ල දිස්ත්‍රික්කය ද ආවරණය වන පරිදි මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා පොලීසියට ත්‍රිවිධ හමුදාවේ සහාය හිමි වන බව නිවේදනය කරන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ හෙට (23) දේවාලේගම, රඔුක්කන, කෑගල්ල පොලිස් බල ප්‍රදේශ වල සාමය ආරක්ෂා කිරීමට ත්‍රිවිධ හමුදා භට පිරිස් ද යොදවා ඇති බවකි.

කාලීන පුවත්