IMF සාකච්ඡා නිසා ජනපති අගමැතිට ධුරය අත් හරින්න එපා කියයි

මේ වන විට අමෙරිකාවට ගොස් සිටින මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල(IMF) සමග පවත්වෙන සාකච්ජා හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දන්වා තිබේ.යම් විදිහකින් අග්‍රාමාත්‍යවරයා තනතුරෙන් ඉවත් වුවහොත් එය කැබිනට් මණ්ඩලයම ඉවත් වූ බවට සැලකෙන නිසා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පවත්වෙන සාකච්ජා ව්‍යවර්ථ වීම ඊට හේතුව ය.මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම පිණිස ජනාධිපති වරයා සහ අගමැති වරයා වටා බල කඳවුරු දෙකක් ගොඩ නැඟෙමින් පවතින බව පවසන රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනුයේ මේ තත්වය මත ආණ්ඩුවේ මන්ත්‍රී වරුන් තවත් පිරිසක් ස්වාධීන වීමේ නැඹුරුවක් පවතින බවය.

කාලීන පුවත්