අගමැති ඉල්ලා අස්වීමේ සූදානමක ?

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කෙරෙන විශ්වාස භංග යෝජනාව ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය බහුතර මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට සම්පූර්ණව පැවතීම මත එම විශ්වාස භංග යෝජනාව කතානායක වරායට භාර දීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම,ආණ්ඩුවෙන් ඉවත්වී ස්වාධීන ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් 41 දෙනා සේම ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රී වරුන් ද විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වීමට එකඟ වූ බව මේ වන ප්‍රකාශ වී තිබේ.ඒ අනුව එම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය පරාජය වූ පසු අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට වඩා මහජන මතයට ගරු කරන බවක් පවසා ඉන් පෙරම අගමැති පදවියෙන් ඉල්ලා අස්වීම කෙරෙහි අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙතින් ඔහුගේ සමීපතමයන් ඉල්ලා ඇති බව ද දැන ගන්නට තිබේ.

කාලීන පුවත්