‘රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන අධිකරණ නියෝගය වහාම ක‍්‍රියාත්මක කරන්න’ පොලිස්පති ගෙන් CIDයට උපදෙස්

රඹුක්කන පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් නියෝගය අනුව වහාම ක‍්‍රියාත්මක වන ලෙස පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව(CID ) භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබේ.අදාළ අධිකරණ නියෝගය අද (28) පොලිස් මූලස්ථානය වෙත ලැබී තිබෙන අතර.රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධියට අණදුන් සහ එම නියෝග ක‍්‍රියාත්මක කළ සියලූ නිලධාරීන් අත් අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත‍්‍රාත් විනිසුරු වාසනා නවරත්න මහත්මිය විසින් ඊයේ පොලීසියට නියෝග කොට තිබේ.පසුගිය 19 වැනි දා රඹුක්කන ප‍්‍රදේශයේ දී ඉන්ධන බෙදාහැරීම සම්බන්ධව මතු වූ ගැටලූකාරී තත්වයක් මුල්කරගනිමින් පැවැති මෙම විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් පුද්ගලයන් 27 දෙනෙකුට තුවාල සිදුව ඇති බව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයෙන් තහවුරු වී ඇත.

කාලීන පුවත්