බැංකු වලට පිටින් එන රට සල්ලි වලට පාලනයක්

බැංකු වලට පිටින් එන රට සල්ලි වලට පාලනයක් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය වන බැංකු පද්ධතියට පරිබාහිරව විදෙස් මුදල් හුවමාරුව පාලනය සඳහා ඉදිරියේදී පියවර කිහිපයක් ගැනීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.”බැංකු ක්‍රමයට පිටතින් උන්ඩියල් සහ හවාලා යන අයථා ක්‍රමවේද ඔස්සේ විදේශ විනිමය හුවමාරු වෙනවා. අපි ඒ ගැන යම් තීරණ ගත යුතුයි.”මාධ්‍ය අමතමින් එසේ පැවසූ ඔහු වැඩි දුරටත් පැවසුවේ,විධිමත් බැංකු යාන්ත්‍රණයට පරිබාහිරව භාණ්ඩ ආනයනය සඳහා ද ඉහත ක්‍රමවේද හරහා විදෙස් විනිමය ගෙවීම් සිදුකෙරෙන බව හඳුනාගෙන ඇති බවය.එමෙන්ම එය පාලනය කිරීම සඳහා හැකි ඉක්මනින් චක්‍රලේඛයක් නිකුත් කරන බව ද මහ බැංකු අධිපති වරයා පැවසීය.

කාලීන පුවත්