කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණයේ දී වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් එන්නත්කරණයට ලක් කොට අවසන් ව නොමැති පසුබිමක වයස අවුරුදු 20-30ත් අතර අයට එන්නත්කරණය ආරම්භ කිරීම තාක්ෂණික ක්‍රමවේදයෙන් බැහැරට යාමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය නලින් ද හේරත් මහතා කියයි.ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.එමෙන්ම එන්නත්කරණය පිළිබඳ ප්‍රමුඛතා දිස්ත්‍රික්ක තෝරාගැනීමේදී ද නොවිධිමත් බවක් මතු වී පෙනෙන බවත් හම්බන්තොට යනු ප්‍රමුඛතා දිස්ත්‍රික්කයක් නොවන බවත් ඔහු තවදුරටත් කියා සිටියි.මේ අතර යුද හමුදාපතිවරයා තමන්ට එන්න අවශ්‍ය පරිදි සෞඛ්‍ය ලේකම්වරයා හරහා වසංගත රෝග විද්‍යා අංශයෙන් එන්නත් ලබා ගනිමින් සිටින බවක් ද වෛද්‍ය නලින් ද හේරත් මහතා සඳහන් කරයි.එසේ ලබා ගන්නා එන්නත් හමුදාව මගින් එන්නත්කරණයට යොදා ගන්නා බව පැවසූ ඔහු වසංගත රෝග විද්‍යා ඒකකය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙන් තොර වීම ද ගැටළු සහගතයැයි කියා සිටියි.