රට කිරිපිටි වෙනුවට අපේ රටේ දියර කිරි!

විදේශීය කිරිපිටි ආනයනය අත්හිටුවමින් දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනකට රජය මුල පුරා තිබේ.මේ යටතේ දේශීය ගොවීන් දිරිගැන්වීම පිණිස රජය තීරණ දෙකක් ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ(07)පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ය.ඉන් පළමු අවධානය යොමු වී තිබෙන්නේ, දේශීය වශයෙන් දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටය.ඒ සඳහා දැනටමත් පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත්, භාවිතයට නොගන්නා ඉඩම් පවරා ගෙන කිරි ගොවිපොළවල් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබේ.එම ඉඩම් බදු පදනම මත ලබාදීමට යෝජිතය.එහි දී කෘෂිකර්ම අමාත්‍ය වරයා පැවසුවේ, මේ වනවිට කිරිපිටි 60% ආනයනය කරන බවය.ඒ හේතුවෙන්, සෞභාග්‍යයේ දැක්මෙන් යැපුම් ආනයන ආර්ථිකයෙන් මිදී නිෂ්පාදන ආර්ථිකයකට යන ලෙස ජනාධිපති වරයා පැවසු බැවින් අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සියල්ල 2025 වසර වනවිට නිෂ්පාදනය කිරීමට ඒ වැඩපිළිවෙළ කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

කාලීන පුවත්