අගමැතිට අනුරපුරයේ දී විරෝධයක්

අද(08) පෙරවරුවේ අනුරාධපුර සිද්ධස්ථාන වන්දනා කර ගැනීමට ගිය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රදේශවාසීන්ගේ විරෝධයක් එල්ල වී ඇත.ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය සහ මිරිසවැටිය අද්දර දී මෙම විරෝධය එල්ල වි ඇති අතර එහි දී සමහරකු අගමැති වරයාට රට ගැන සිතා දැන් වත් තීරණයක් ගන්නා ලෙස හා හෙට වන විට වත් සුබ පණිවිඩයක් අසන්නට අවස්ථාව ලබා දෙන ලෙසත් අගමැති වරයා ගෙන් ඉල්ලා තිබේ.මේ අතර සමහරකු අගමැති වරයාට සහ ජනපති වරයාට එරෙහි විරෝධතා පුවරු ද ප්‍රදර්ශනය කොට තිබේ.එමෙන්ම අනුරාධපුර සඳ හිරු සෑ‍යේ නිදන් කළේ මොනවාද?යනුවෙන් ද සමහරකු අසා තිබේ.එම අවස්ථාවේ ආරක්ෂක අංශ විසින් අගමැතිවරයා එම ස්ථානයෙන් ආරක්ෂිතව පිටත් කර යවා ඇත.

 

https://www.facebook.com/100012821073471/videos/pcb.1480535039050518/3226819634269430

 

කාලීන පුවත්