ඇඳිරි නීතීය හෙට උදේ 7 තෙක්

මේ වන විට දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතීය හෙට (11) උදෑසන 7.00 දක්වා දීර්ඝ කොට ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය කරයි.මේ අතර හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අනුගාමිකයන් විසින් සාමකාමී උද්ඝෝෂකයන්ට ප්‍රහාර එල්ල කිරීම නිසා කුපිත වූ මහ ජනතාව සිදු කළ එම අනුගාමිකයන්ට ප්‍රති ප්‍රහාර එල්ල කිරීම් දේශපාලනඥයන්ගේ දේපල ගිනි තැබීම් ආදී ප්‍රචණ්ඩකාරී ක්‍රියා ද මේ වන විට බොහෝ දුරට සන්සිඳී ඇතැයි වාර්තා වේ.

කාලීන පුවත්