සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා කොවිඩ් ආසාදිතයින් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් සඳහා සිදුකරන පරීක්ෂණ සීමා කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබීම මත මෙතෙක් සිදු කළ පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සංඛ්‍යාව සීමා කර ඇති බැවින් දැනට වාර්තා වන කොවිඩ් දෛනික ආසාදිතයන්ගේ ගණන නිවැරදි නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියයි. ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දැනට ලැබෙනදෛනික ආසාදිතයන් පිළිබඳ
වාර්තාවන් අනුව මේ වන විට මෙරට කොවිඩ් පැතිරීම නිවැරදි ලෙස තක්සේරු කළ නොහැකි බවයි.