සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති

සජබ මන්ත්‍රී වරු විසි පහක් රනිල් හා එක් වෙති රට මුහුණ පා ඇති වර්තමාන තත්වයට ක්ෂණික විසඳුම් අවශ්‍ය බැවින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග එක් වීමට තීරණය කර ඇතැයි එම පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේය.එම පිරිස අතරින් එකොළොස් දෙනෙකු ඊයේ(11) රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ සාකච්ඡාවකට සහභාගී වූ බව ද හෙතෙම පැවසීය.රට මුහුණ දී තිබෙන දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා වැනි නිවැරදි දැක්මක් සහ දුර දක්නා නුවණක් සහිත නායකයෙකු අවශ්‍ය බව ද එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද ඔහු කීය.

කාලීන පුවත්