කල්පිටියේ උච්චුමුණි දූපත විදෙස් සමාගමකට

කල්පිටිය අර්ධ ද්වීපය ආශ්‍රිත ධීවර ජනාවාසයක් වන උච්චමුනි දූපතේ තරුපහේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට විදෙස් සමාගමක් සංචාරක සේවා අධිකාරිය සමග ගිවිසුමකට පෙරේදා (11 වැනිදා) එළැඹ තිබේ.මේ සඳහා2000 වසරේ කැබිනට් අනුමැතිය ලැබී තිබුණද විවිධ හේතූන් මත ප්‍රමාද වී තිබූ මෙම ව්‍යාපෘතියේ ආයෝජන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 417කි.හෙක්ටයාර 1500ක භූමි ප්‍රමාණයක් තිබෙන මෙම දූපතෙහි දැනට ධීවර පවුල් 200ක් පමණ වාසය කරති.වසර 30ක බදු පදනම මත මෙම භූමි ප්‍රමාණය ලබාදී ඇති අතර දැනට එහි වෙසෙන ධීවර පවුල්වල යටිතල පහසුකම් ද නගා සිටුවමින් කටයුතු කිරීමට ආයෝජකයන් එකඟතාව පළකර තිබේ. 2020 වසරේදී මෙම ගිවිසුමට එළැඹීමට නියමිතව තිබුණද කොරෝනා ව්‍යාප්තිය හමුවේ එය දෙවසරක් පමණ කල් ගොස් තිබුණි.කෙසේ හෝ සාමුද්‍රික බලපෑම මත මෙම දූපතේ හැඩය සහ භූ දර්ශනය වරින් වර වෙනස් වන බව නිරීක්ෂණය වී තිබේ.

කාලීන පුවත්