ගෝටාගෝගමට ප්‍රහාර එල්ල කළවුන් අත් අඩංගුවට නොගන්නේ ඇයි?

ගාලුමුවදොර ඉදිකොට ඇති ගෝටාගෝගමට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගෙන, ප්‍රහාරයෙන් පසු ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගැනීමේ කිසිදු සාධාරණත්වයක් නොමැති බව දන්වමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාට ලිපියක් යවා තිබේ.
ගෝඨාගෝගම අරගලකරුවන් සමඟ සාකච්ඡා කරමින් පැන නැඟී ඇති අර්බුදයට විසඳුමක් සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට පුළුල් වගකීමක් පවරා ඇති අතර ගෝඨාගෝගමට පහරදීමට අදාල ප්‍රධාන සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම මත එම කටයුතු සාධනීය අයුරින් ඉදිරියට ගෙන යා නොහැකි බව ඒ මහතා පෙන්වා දෙයි.එනිසා එසේ අතඩංගුවට නොගැනීමට හේතු මෙන්ම අදාල විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව ද කඩිනමින් කරුණු හෙළි කරන ලෙස රුවන් විජයවර්ධන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.එම නිරායුධ අරගලයට පහරදීමේ සිදුවීමට දින ගණනාවක් ගත වී ඇතත් ඊට සම්බන්ධ එක් අයෙකු පමණක් ඊයේ (15) උදෑසන අත්අඩංගුවට ගත්ත ද අනෙක් ප්‍රධාන සැකකරුවන් කිසිවෙක් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය අපොහොසත් වීම අතිශය කණගාටුදායක තත්ත්වයක් බව ද විජයවර්ධන මහතා
සඳහන් කරයි.

කාලීන පුවත්