කලින් රාජ්‍ය සේවකයන් අතරේ පමණක් භාවිතා වෙමින් තිබුණු චක්‍ර ලේඛ කියන වචනය අද වන විට ජනතාකරණයට ලක් වී ඇති අයුරක් දකින්න පුළුවන්.
ඒ චක්‍ර ලේඛ නිකුත් කිරීම වගේම අවලංගු කිරීම් සම්බන්ධ විවිධාකාර පුවත් මාධ්‍ය ඔස්සේ මතු වී එන නිසා.ඒ කොහොම වුණත් මේ චක්‍ර ලේඛ අතර රහස්‍ය චක්‍ර ලේඛ කියා දෙයක් නම් නෑ.
නමුත් ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග 2021.12.20 දින නිකුත් කළ එක්තරා රහස්‍ය චක්‍ර ලේඛයක් අපට හමුවුණා.
ඒත් ,වරක් දෙවරක් ඒ චක්‍ර ලේඛය කියවා බැලූ විට ඒ තුළින් අපට දැක ගන්නට ලැබුණේ අනුර මනතුංග කියන සංවේදී කවියා මිසක් ශ්‍රී ලංකාවේ වර්තමාන පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා නම් නෙවෙයි.මෙන්න;ඔහු නිකුත් කළ ඒ සංවේදීත්වයෙන් පිරිපුන් රහස්‍ය චක්‍ර ලේඛය:
අධ්යක්ෂගෙන් රහස්‍ය චක්‍රලේඛයක්…..
නටබුන් බිත්තියේ
හෙවණ යටට වී
මුවාවෙලා කැණපං
ගිනියම් අව්වට
තණ බිස්ස මත
පය රඳ වාපන්
ගිනියම් අව්වට
දෙපා දැවෙන කොට
ඇහැළ ගහක් යට
ගිමන් නිවාපං
ගත උණුසුම් වී
ගිනිගන්නා විට
කිව්වත් නැතුවත්
එළිපිට මේ ටික
මේකයි කිව්වේ
උඹලට මගෙ හිත.
අනුර මනතුංග