ගැහැණු පිරිමි දෙකොටසටම බලපාන ලිංගික දුබලතා

ada derana news sinhala
මනෝ වෛද්‍ය සායනයකට ආ හතලිස් තුන් හැවිරිදි පුද්ගලයෙක්  ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළීම මත තමන්ට කිසිදා විවාහයක් කරගත නොහැකි බව පවසා සිටියා.
එහි දී ඔහු වැඩි දුරටත් කියා සිටියේ තමන් වයස අවුරුදු විසි ගණන් වල මුල හරියේ තමන් මෙන් දෙගුණයක් වයස කාන්තාවක හා ලිංකව එක්වීමට ගොස් එය අසාර්ථක වීමෙන් පසුව ඇගේ සමච්චලයට ලක් වූ බවයි.එමෙන්ම එදා නිවසට යන විටත් තමන්ට උණ ගැනුණු බවත් ඒ සමඟම පැපොල රෝගය වැළඳුණු බවත් ඔහු කියා සිටියා.
පිරිමින් තුළ පවතින ලිංගික අප්‍රාණිකත්වය  තත්ත්වය  බහුලව කතා කරන බහුලව සමාජයේ දකින්න ලැබෙන තත්ත්වයක් .නමුත් බොහෝ පිරිමින් තමන් තුළ පවතින මේ තත්වය රහසක් විදිහට තියා ගන්නත් ඊට රහසිගතව ප්‍රතිකාර කරන්න යාමත් මත අද වන විට මේ සමබන්ධයෙන්  කූට ජාවාරම් යාන්ත්‍රණයක් සමාජය පුරාම ක්‍රියාත්මක වෙනවා.
පුවත් පත් වලින් වගේම අන්තර්ජාලයෙන් දකින ව්‍යාජ ඖෂධ සඳහා අති විශාල වශයෙන් මුදල් වියදම් කරන බොහෝ දෙනෙක් විධිමත් වෛද්‍ය ප්‍රතිකර්ම වෙතට යොමු වන්නේ අන්තිමටයි.පුරුෂයා ක්‍රියාකාරී ලිංගික සහකරු වශයෙන් හැඳින්වෙන හින්දා බොහෝ දෙනෙකු සිතන්නේ ලිංගික බෙලහීනතා පිරිමින්ට පමණක් බලපාන බවයි.
නමුත්,විවිධ කායික මානසික හේතු මත මේ තත්වය කාන්තාවන් කෙරෙනුත් දක්නට පුළුවන්.ලිංගික ආශාව අවම වීම,ලිංගිකකාරිය වේදනාත්මක වීම ආදී තත්වයන් කිහිපයක් කාන්තාවන් කෙරෙන් ද දක්නට පුළුවන්.සමහර කාන්තාවන් සම්බන්ධයෙන් නිරතුරුවම ඇති වන මේ තත්වය තවත් කාන්තාවන් කෙරෙහි පසු කාලීනව බලපාන්න පුළුවන්.
කොහොම වුණත් මේ තත්වය ලජ්ජා විය යුතු වත් සැඟවිය යුතු වත් පුද්ගලයකු සමාජයෙන් අවමන් ලැබීමට හේතුවක් නෙවෙයි.සමහරු මේ තත්වය ලිංගික බෙලහීනතාවය ලෙස හැඳින්වුවත් මේක බෙලහීනතාවයකට වඩා දුර්වලතාවයක් බව වෛද්‍ය විද්‍යාත්මකව සනාථ වෙලා තියනවා.
මේ අතර සමහරු කියන්නට පුළුවන් ලිංගික දුර්වලතවයකින් පෙළෙන පිරිමියෙකුගෙන් ඉවත් වන්නට කාන්තාවන්ට අයිතියක් තිබෙනවා  කියලා. ඒ වගේම කාන්තාවකගෙන් වෙන් වන්නට පිරිමියෙකුට  අයිතියක් තිබෙනවා කියලා.නමුත් ඒ තීරණය එම යුවළ තීරණය කළ යුතු දෙයක් මිස අපි බලෙන් පැටවිය යුතු දෙයක් නෙමෙයි.
කොහොම වුණත් ඔබ ලිංගික දුර්වලතවයකින් පෙලෙනවා යැයි සිතමින් ශෝකයට පත් වෙන්න විය යුතු නෑ. චිත්ත ධෛර්යය අඩාල කර ගත යුතු නෑ.මේ තත්වය සඳහා විවිධ හේතු බලපානවා.ඒ අතර කායික හේතු,මානසික හේතු වගේම මනෝ කායික හේතුත් තියනවා.මේ තත්වයට බලපාන ප්‍රධාන හේතුව ලිංගිකත්වය සදහා සිත තුළ ඇති තැතිගැන්ම හා බය.එය ලිංගික ක්‍රියාවලියට අතිශය අවාසිදායක ලෙස බලපානවා.
වෙන වචන වලින් කිව්වොත් ලිංගිකත්වයට ඇති බය මත ඇතිවන ආත්ම විශ්වාසය බිඳ වැටීම කොටින්ම”මට බැහැ” කියන මානසික ඇනවුම සිත තුළ තදින් ලිංගික ශක්තිය අඩු වෙන්න හේතුවක්.විශේෂයෙන් මුල්ම ලිංගික අද්දැකීම අසාර්ථක කරගත් සමහරු තමන්ට කිසිදාක සාර්ථක ලිංගික ජීවිතයක් ගත කරන්න බැහැ කියන මිථ්‍යාවේ එල්බ ගැනීම මීට හේතුවක්.
මේ සඳහා මෙහි මුලදී දැක් වූ අන්දමට අතීත අත්දැකීම් වගේම වර්තමාන සම්බන්ධතා හා හැඟීමුත් බලපානවා. ඒ නිසා ආත්ම ශක්තිය බිඳ නොවැටී තබාගැනීම ලිංගික ශක්තිය නොවෙනස්ව තබා ගැනීමට ඉතාම වැදගත්.
මෙයට අමතරව ශරීරයේ ජෛව රසායකික හෝමෝන විෂමතා, විවිධ ස්නායුගත රෝග හෝ නහරගතරෝග,මත් පැන් හා වෙනත් මත්ද්‍රව්‍ය ලිංගික දුර්වලතාවය ඇතිවීමට බලපාන්නට පුළුවන්.
ඒ වගේම කල්ගත වූ හෝ අහම්බෙන් ලිංගික දුර්වලතාවයක් ඇති  මේ පිළිබඳව ඇති  දුර්මත වලට වලට නොරැවටී ජාවාරම් කරුවන්ට හසු නොවී නොවී ළඟම ඇති රෝහලක කායික හෝ මානසික සෞඛ්‍ය සායනයක පිහිට පතනවා නම් මේ දුර්වලතාවයන් කෙටි කලකින්ම පුළුවන් මඟ හරවා ගන්න පුලුවන් ඒ සඳහා නවීන මනෝ විද්‍යාතමක ප්‍රතිකාර වගේම බෙහෙත් වර්ගත් තිබෙනවා.
විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
ඉරා අදුරුපට