ජනතාව තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් වෙනුවෙන් පාවිච්චි කළ ආණ්ඩුවල හිටපු පිරිසට ජනතාවාදී දේශපාලන සංස්කෘතිය තෙරුම් ගැනීම අපහසු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පාර්ලිමේන්තුවේ රැස්වුන දවසේ ඉඳන්ම මම කල්පනා කළා මේ විපක්ෂයේ කාර්යභාරය මොකක්ද කියලා සහ මේ විපක්ෂය මොන අරමුණකින් කතා කරනවද? මොකක්ද ඒගොල්ලන්ගේ සැලැස්ම කියලා තේරුම් ගන්න. විපක්ෂය කියන කාරණා පිලිබඳ ඔවුන්ට කිසිම බරපතලයක් නැහැ. කිසිම හේතුවක් නැතුව කෑගහනවා, පාර්ලිමේන්තුවේ තියෙන ගරුත්වයවත්, පාර්ලිමේන්තු විවාදය මොකක් වෙනුවෙන්ද කියලවත් තේරුම් ගන්න බැරි විපක්ෂයක් බවට පත්වෙලා.
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන තුළ අපේ ප්‍රධාන අරමුණක් වෙලා තියෙන්නේ මේ රටට අවශ්‍ය පරිවර්තනයට මේ රටේ ජනතාව සහභාගී කර ගැනීම.
පරිවර්තනීය වෙනසක් සිද්ධ කරන එක ආණ්ඩුවකටවත්, රජයේ නිලධාරීන්ටවත් තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ජනතාවගේ සහභාගිත්වය අවශ්‍යයි.
ජනතාවගේ එකඟතාවය අවශ්‍යයි, ජනතාව තුළ සංවාදයක් අවශ්‍යයි සිදු කළ යුතු පරිවර්තනය කුමක්ද ඒ පරිවර්තනය කෙසේ විය යුතුද යන්න තීරණය කිරීමට. අපේ ආණ්ඩුව කියන්නේ ජනතාවාදී ආණ්ඩුවක්, ජනතාවාදී ආණ්ඩුවක් වැඩ කරන සංස්කෘතියක් තියෙනවා. ඒකට ජනතාවත් සහභාගී වෙනවා.
ජනතා විරෝධී ආණ්ඩුවල හිටපු අයට, ජනතාව තමන්ගේ පුද්ගලික න්‍යාය පත්රයන් වෙනුවෙන් පාවිච්චි කරපු ආණ්ඩුවල හිටපු අයට ඒක තේරුම් ගන්න බැරි වෙන එක ගැන මම පුදුම වෙන්නේ නෑ.
නීති දාලා බලෙන් ක්රීයාත්මක කරන වැඩසටහනක් නෙමෙයි clean Sri lanka වැඩසටහන.
මේ රට වෙනුවෙන් රටේ ධනපතියන්, ව්‍යාපාරිකයින් කැපවෙන්න කැමතියි. ඒක අගය කළ යුතු වටිනා දෙයක්, මෙතෙක් පැවති ආණ්ඩු ව්‍යාපාරිකයන් හෝ ධනපතීන් සම්බන්ධ කරගත්තේ සමාජය වෙනුවෙන් නෙමෙයි, තමන්ගේ සාක්කු පුරව ගන්න. එවැනි අයට ජනතාවාදී දේශපාලන සංස්කෘතිය තේරුම් ගන්න බැහැ.
විපක්ෂයේ සමහරු මේ ව්‍යාපෘතිය විවේචනය කරන ගමන් කියනවා හොද දේවල් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඒ අයට එකමතයක් දරන්නවත් හැකියාවක් නැහැ.
ගුරුවරු දනගස්සපු, තෝරාගත් ගුරුවරු තමන් කැමති පාසල් වලට දාන්න , දරුවන් පාසල් වලට දාගන්න ලිපි දෙන එක එකම රාජකාරිය කරගත්ත යුගය අපි අවසන් කළා. තවදුරටත් එවැනි දේවල් සිද්ධ නොවෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය clean Sri lanka විවාදයේදී ප්‍රකාශ කර සිටියා.