සුප්‍රකට බොලිවුඩ් නිළියක වූ කරීනා කපූර් කොවිඩ් රෝගයෙන් ආසාදනය වී ඇති බව බොහෝ විදෙස් ප්‍රවෘත්ති වාර්තා කර ඇත.
ඇය සමග පසුගිය කාලය මුළුල්ලේම දකින්නට සිටි මිතුරියක වූ අම්රිතා අරෝරා ද කොවිඩ් රෝගයෙන් ආසාදනය වී තිබේ.
ඔවුන් සමග සමිපව ඇසුරු කළ සියලු දෙනා කොවිඩ් පරීක්ෂාවක් සිදුකරගත යුතු යැයි මුම්බායි හි බ්‍රහන්මුම්බායි නගර සභාව විසින් දැනුම් දීමත් සමග මේ ප්‍රවෘත්තිය පැතිර යන්න පටන් ගත්තේ ය.
බ්‍රහන්මුම්බායි නගර සභාව සඳහන් කරන්නේ මේ දෙදෙනාම කොවිඩ් නීතිරීති නොසළකා හරිමින් පසුගිය කාලය මුළුල්ලේම සාද බොහොමයකට සහභාගී වී තිබේ.
නමුත් කරීනා හෝ අරෝරා හෝ යන දෙදෙනාගෙන් එක් අයකු හෝ තමා කොවිඩි රෝගයෙන් ආසාදනය වී ඇති බවට තවමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට නැත.
කරීනා සහ අම්රිතා ඉතා සමීප මිතුරියන් වන අතර ඔවුන් දෙදෙනාම පසුගිය දිනෙක රීයා කපූර්ගේ නිවසේ ද සාදයකට සහභාගී වි සිටිනු දක්නට ලැබිණි.