ETF අරමුදල් මණ්ඩලයේ සාමාජිකයන්ගේ උසස් පෙළ දරුවන් වෙනුවෙන් මූල්‍යාධාර

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සක්‍රීය සාමාජිකයන්ගේ උසස් පෙල විභාගයට පෙනී සිටි දරුවන් වෙනුවෙන් මූල්‍යාධාර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ විය.

2024 උසස්පෙල ප්‍රතිඵල අපේක්ෂිත දූදරුවන් වෙනුවෙන් නිපුනතා සවිය ප්‍රතිලාභ යෝජන ක්‍රමය ඔස්සේ එය ක්‍රියාත්මක වෙයි.

ජාතික වෘත්තීය නිපුනතා 3 /4 සහ 05 මට්ටමේ පිලිගැනීම සහිත තෘතීක හා වෘත්තිය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතන මගින් මෙහෙයවන තෝරාගත් පාඨමාලා 100ක් අතුරින් එක් පාඨමාලාවක් හැදෑරීම වෙනුවෙන් රුපියල් 50,000 ක උපරිමයකට යටත්ව ආධාර පිරිනැමීමටයි කටයුතු යොදා ඇත.

මෙම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම ජනවාරි 22 වනදා සිට ආරම්භ විය.

අප්‍රේල් 20 වනදා වන විට අයදුම්පත් භාර ගැනීම අවසන් වන බවයි සේවා නියුක්තයන්ගේ භාර අරමුදල පවසයි.

www.etfb.lk වෙබ් අඩවියට පිවිසීමෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතියි.

කාලීන පුවත්