ගෑස් ලිප පිපිරීමෙන් මියගිය ඩබ්ලිව් ප්රියංගනී කියන අහිංසක අම්මා වෙනුවෙන් කෝටි දහයක් ඉල්ලල පව්ලේ ඥාතීන් නඩුවක් දාන්න හදනව කියල දැක්කා.
මේ නඩුව දාන්නෙ දිස්ත්රික් උසාවියෙ නෙ.ගෑස් කොම්පැනි වෙනුවෙන් මිලියන දහය ගානෙ නඩු ගාස්තු ගන්න ජනාධිපති නීතීඥවරු සෙට් එකකුයි රජය වෙනුවෙන් පෙනී ඉන්න නීතිපති උන්නාන්සෙගෙ ගෝලයො රොත්තයි එක්ක තර්ක කරල දිස්ත්රික් නඩුකාර උන්නාන්සෙ ඉස්සරහ ඕක දිනා ගත්ත කියමුකො.(ඒකට අඩුම ගාණෙ අවුරුදු අටක් දහයක් යනව)හම්බුවෙයිද? කෝටි දහය; ඒඅම්මගෙ මහත්තයටයි දරුවන්ටයි.ගෑස් සමාගම තව කෝටි පනහක් හැටක් වියදම් කරල අභියාචනාධිකරනෙට යනවමයි.
ඒකෙ නඩුව කියන්න ගෑස් සමාගම් අපිට ගෑස් විකුණල හම්බු කරන සල්ලි වලිනුයි වියදම් කරන්නෙ.රජය වෙනුවෙන් බ දුවලින් පඩි-නඩි, දීමනා ගන්න නීතිපති උන්නාන්සෙ පෙනී ඉන්නව.අර අහිංසක අම්ම වෙනුවෙන් නඩු කියන්න සල්ලි හොයන්න තියෙන ගේදොර උගස් තියන්න වෙනවා.හොඳයි,ඒකෙනුත් දිනුව කියමුකො.
ඒත්,තව අවුරුදු හතරක්වත් යනව.ඊට පස්සෙ තව කෝටි පනහක් හැටක් වියදම්කරල ශ්රේෂ්ඨාධිකරණෙට යනවා.ආයෙත් පරණ සෙල්ලමමයි.අර අම්ම වෙනුවෙන් නඩු කියන්න සල්ලි හොයන්න දහ දුක විඳින්න වෙනවා.තව අවුරුදු හතරක් ඒකටත් යනවා.ඒකෙන් දිනනකොට කෝටියක වටිනා කම රුපියල් පනස් දාහ වෙලා.
එහෙම වෙන්නෙ මෙහෙමයි. දැනට මාස දහයකට උඩදී රුපියල් අනූවට තිබුණු හාල් කිලෝව දැන් එකසිය පනහයි සීනි කිලෝව එදා අසූවයි දැන් එකසිය හතලිහයි . මේ “රේට්” එකෙන් ගියහම ඔය නඩු තීන්දුව එනකොට ගෑස් සිලින්ඩරේ රුපියල් විසි පන්දාහයි.
හාල් කිලෝව රුපියල් දෙදාහයි.එහෙම කාලෙක හම්බුවෙන කෝටි දහයෙන් අර නඩුවට උකස් කරපු ගේ දොර බේරගන්නවත් බැරිවෙනවා.ඒ දිනුවම වෙනදේ.
ඒත්,දිස්ත්රික්ක උසාවියෙදිම නඩුව පැරදෙන්නත් පුලුවන්නෙ.එක කෙස් ගස අටට පලල තර්ක කරන ජනාධිපති නීතීඥ මහත්වරුන්ට අර පුපුරපු එක ලිපේ වරදින්, රෙගුලේටරේ වරදින්,රබර් හෝස් එකේ වරදින් වුනා කියල ඔප්පු කරල පෙන්නන්න බැරි නෑනෙ.අර කතාවට කියනවා වගේ වංගෙඩිය මිනී මැරුව කියල ඔප්පු කරල විත්තිකාරය නිදහස් කරගත්තු දක්ෂ නීතීඥවරු ඉන්න රටක්නෙ.
දැන් මොකෝ කරන්නෙ; එහෙනම් නඩු කියන්න එපාද?අපොයි නෑ.අසාධාරණේට විරුද්ධව දිවි නොතකා හරි සටන් කරන්න ඕනනෙ; ඒනිසා නඩුව කියන්න. ගෑස් පාවිච්චි කරන අය හැටියට අපි කවුරුත් ඒ නඩුවට පුලු පුලුවන් හැටියට දායකත්වය දීල ඒ නඩු කියන තාත්තගෙයි දරුවන්ගෙයි බර හෑල්ලු කරන්න උදව් කරමු.ඒඅතර තව නඩුවක් මහ ජනතාව ඉස්සරහ පවරන්න ඕන.ඒකෙ විත්තිකාරයො ගෑස් කොම්පැනිය අයිති ආණ්ඩුව වෙන්න ඕන.
මේ නඩුව අහන්නෙ මහජනයා.විත්තිය වර්තමාන ආණ්ඩුව.එතකොට පැමිණිල්ල කවුද?ඕක කරන්න සුදුස්සො වෙන්නෙ ඔය වගේ කොම්පැනිවලට ඕන ඕන විදියට සල්ලි හොයන්න ඉඩ දීල එතනින් වාසියක් ගන්නව වගේ අලුගුත්තේරු වැඩ තමන්ගෙ වාසියට නොකළ අය.එහෙම අය කවුද ඉන්නෙ.අර මාලිමාව අතේ තියාගෙන උතුර බලාගෙන ඉන්න කට්ටිය හොඳයි.හැබැයි උන්නැහෙලට තනියම බෑ.තව කට්ටිය ඕන.ඔය උතුරෙයි නැගෙනහිරයි.
ඉන්න තැලිල පොඩිවෙල වේලිච්ච දුම්කොලවාගෙ ඉන්න අහිංසකයො වෙනුවෙන්. හොඳ මිනිස්සු,නැගෙනහිර ඉන්න තොප්පියෙන් වැහුණු කට්ටිය විකුණල හම්බු කරන්කන්නෙ නැති.
හොඳ මිනිස්සු හෙම සම්බන්ධ කරගන්න ඕනා..අර උපාසක “කරූ’ත් හොඳයි: මොනව උනත් වැදගත් විදියට ඉන්න ගරු කළ යුතු කෙනෙක්.එයා එක්ක ඉන්න අයත් හොඳයි කලුගම්බඩ සිංහයත් හොඳයි.මිනිහ ඔය සෙල්ලක් කාරයා උනාට කෙලින් වැඩ.
බොරු නොකියන කියනදේ කරන කරන දේකියන හොඳ මනුස්සය.එයා එක්කත් කට්ටියක් ඉන්නව.අපරාදෙ නොකියන්න ඔය ටෙලිපෝන් එකේ එල්ලිල ඉන්න අය ගොඩෙත් හොඳ වටින මිනිස්සු ටිකක් ඉන්නවා.පොහොට්ටුව බදාගෙන හිටියට එතනත් හොඳ මිනිස්සු බොහොම ටික දෙනෙක් ඉන්නවා.
හොඳයි නැද්ද? හැබැයි, ඔය පංචායුධ කුමාරය, ගල්ලෙන බිඳපු එකා අර යන එන මං නැති “නානා ප්රකාර” රැවුලා හෙම සත හාගයක් වටින්නෙ නෑ.උන් නම් පැත්ත පලාතෙ වද්ද ගන්න හොඳ නෑ.
ඔන්න ඔය වගේ තව ඉන්න හොඳ මිනිස්සු එකතුවෙලා මේ නඩුවෙ පැමිණිල්ලට සෙට් වුණොත් නම් 2024/25 වෙනකොට වත් නඩුව දිනාගන්න පුලුවන් වෙයි.
හැබැයි නඩුවෙ පැමිණිල්ලට එකතු වෙන කට්ටිය නඩුව දිනුවට පස්සෙ කොරන දේවල් පැහැදිලිව ප්රායෝගික වැඩ පිළිවෙලක් විදියට හරිගස්සල නඩුකාර උන්නාන්සෙල වෙච්ච මහජනයට පෙන්නන එක අනිවාර්යයි.
අනික ඒ වැඩපිළිවෙල කොරනව ඇරෙන්න ඔය එක එකාට ඕන විදියට පරණ පුරුදු දේවල් හෙම නොකරන්න වග.බලා ගන්න බවට පොරොන්දු වෙන්නත් ඕන.
එහෙම කළොත් ජනතා අධිකරණෙට අපහාස කොල වරදට පශ්චාත් පැත්තට තම්මැට්ටම් ගහල එලවා දාන බවත් මතක තබාගත යුතුමයි.