ත්‍රිරෝද රථ ඇතුළු සියලු මගී ප්‍රවාහන සේවාවන් නියාමනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව වෙත බලය පැවරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ ගාස්තු තීරණය කිරීම ඇතුළු ප්‍රවාහන සේවාවලට නියාමන කටයුතු සිදුකිරීම වෙනුවෙන් ඊට අදාළ පනත් සංශෝධනය කිරීමට ද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.