දෛනිකව බේකරි හිමියන්ට අවශ්‍ය වන තිරිඟු පිටි තොග වෙළෙඳ පොළට නිකුත් නොවීම හේතුවෙන් බේකරි නිසි ලෙස පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
ලංකාව පුරා බේකරි 7,000ක් පමණ තිබෙන බවත්, වෙළෙඳ පොළේ පවතින උග්‍ර තිරිඟු පිටි හිඟය නිසා දිනකට බේකරි 2,000කට අධික ප්‍රමාණයකට තම නිෂ්පාදන කටයුතු නවතා දැමීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය.
මෙම තත්ත්වය දිගටම පැවතියහොත් බේකරිවලින් සැලකිය යුතු ප්‍රමාණයක් සම්පුර්ණයෙන්ම වසා දැමීමට සිදුවිය හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.