ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන්(IMF ) ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.ඒ අනුව ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවා අවසන් කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම පිණිස ලොව සෙසු රටවල් බෙහොමයක් අබිබවා ඉන්දියාව මේ වන විට පෙරට පැමිණ අතර ශ්‍රී ලංකාව තුළ ධන ආයෝජනය කරන රටවල් අතුරින් ද ඉන්දියාව ශීඝ්‍රයෙන් පෙරට එමින් තිබේ.