IMF යන්න කියා මුලින්ම කීවේ සමගි ජන බලවේගයයි

යන්න කියා මුලින්ම කීවේ සමගි ජන බලවේගයයි ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ( IMF ) සහයෝගය අත්‍යවශ්‍ය බව මුල සිටම කියා සිටියේ සමගි ජන බලවේගය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබාගත යුතු බව සමගි ජන බලවේගය ප්‍රකාශ කළ මුල්ම කාලසීමාවේ ඒ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කළා නම් රට බංකොලොත් නොවන බවත් ලංකාවේ ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති නොවන බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ රජය ඇති කරගත් එකඟතාවලට විරුද්ධව සමගි ජන බලවේගය ඡන්දය භාවිත නොකළ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු නොකරන ලෙස සමගි ජන බලවේගය කවදා කොතැනක හෝ කියා ඇත්නම් ඒ බව සනාථ කර පෙන්වන්නැයි ද හෙතෙම පවසයි

කාලීන පුවත්