IMF ගිවිසුමට සජබ එරෙහි වෙයි

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගණුදෙනුව සිදු කළ යුත්තේ විනිවිද භාවයකින් සහ රටට ජයග‍්‍රහණ අත්පත් කරගත හැකි වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් වුවත් එය සිදුව නොමැති වීම මත එම ගිවිසුමට විරුද්ධ වීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.ඔවුන් මෙම තීරණයට එළැඹ ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.අත්තනෝමතික ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් ගෙන එනු ලබන සියලූ‍ යෝජනාවලට කොන්දේසි විරහිතව එකඟවීමට ආණ්ඩුවට සිදුව ඇති බව පක්ෂ කණ්ඩායම් පොදු මතය වී තිබේ.

කාලීන පුවත්