IMF වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යාම ගැන රනිල්ගෙන් ජනපතිට පැසසුම්

ජනපති අනුර දිසානායක මහතා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත් IMF සංවිධානය සමඟ තමන් එකඟ වූ රාමුව මත එම වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.හිටපු ජනාධිපති වරයා මේ බව පැවසුවේ ඊයේ (30) පස්වරුවේ අමාරි හෝටල් ජාලයට අයත් අමාරි කලම්බෝ හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.අමාරි කලම්බෝ හෝටලය ශ්‍රී ලාංකික තනි ව්‍යවසායකයෙකුට අයත් කොළඹ පිහිටි තරු පහේ පළමු ජාත්‍යන්තර හෝටලයයි.එහි අධිපතිත්වය දරනුයේ විනිල් මැණික් අධිපති ඩබ්ලිව් විනිල් මහතා විසිනි.එම හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විජිත හේරත්, මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආරාධිතයින් රැසක් එක්ව සිටියහ.

කාලීන පුවත්