ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පූර්ණ ගිවිසුමක් ලෙස අත්සන් තැබූ පසු ඒ උදෙසා ශ්‍රී ලාංකිකයින්ට ඇතැම් විට අතිශය පීඩාකාරී කැපකිරීම් කරන්නට සිදුවිය හැකි බවත් එම දැඩි ප්‍රතිසංවිධානකරණ ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජනපදය වැනි රටවල් ශ්‍රී ලාංකික ජනතාවට හුදෙකලා වීමට ඉඩ නොදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානි සමන්තා පවර් පවසයි.එමෙන්ම මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී චීනය තවමත් සහාය නොදක්වා සිටීම කණගාටුදායක බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.