IOC පෙට්‍රල් මිල යළි ඉහළට

ඉන්දියන් ඔයිල් සමාගම(IOC) පෙට්‍රල් මිල ඊයේ(25) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 49/-කින් යළිත් වරක් ඉහළ දමා තිබේ.ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 වර්ග වල පෙට්‍රල් ලීටරයක් රුපියල් 49/-කින් මෙලෙස ඉහළ දමා ඇති අතර අතර මාසයක කාලයක් තුළ පෙට්‍රල් මිල ඉහළ දැමු දෙවැනි අවස්ථාව මෙය වෙයි.ඒ අනුව රුපියල් 254/-ක්ව පැවැති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 303 ක් වන අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් රුපියල් 333/-ක් වන බව ඉන්දියන් ඔයිල් සමාගම සමාගම කියයි.අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා වල මිල ගණන් මෙතරම් වේගයෙන් ඉහළ යාමක් දෙවන ලෝක යුද සමයේ දී වත් සිදු වී නොමැති බව පවසන විද්වත්හු ශ්‍රී ලංකාව තුළ පවතින මෙම ආර්ථික අර්බුදකාරී තත්වය ජාත්‍යන්තරයේ ද අවධානයට යොමු ව ඇති බව පවසති.

කාලීන පුවත්