LIOCඉන්ධන මිල තවත් ඉහළට

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම(LIOC) ඉන්ධන මිල යළි ඉහළ දැමීමට තීරණය කර තිබේ.ඒ අනුව ඩිසල් රු.15කින් හා පෙට්‍රල් ලීටරයක් රු.20කින් ඉහළ දමා ඇති බව එම සමාගම සඳහන් කරයි.ඒ අතර ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 204ක් ද ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 139ක් ද වශයෙන් සඳහන් වෙයි.මෙම මිල වැඩි කිරීමට සාපේක්ෂව සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් වල ඉන්ධන මිල වැඩි වීමක් සිදු නොවන බැවින් ඒවා සඳහා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මඟින් සපයන ඉන්ධන තොග ඉක්මනින් නිමා වී සංස්ථාව ලබන පාඩුව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් සංස්ථා ආරංචි මාර්හ පෙන්වා දෙයි.ලංකා ඉන්දියන් ඔයිල් සමාගම(LIOC)   පසුගිය 06 වනදා ද සිය ඉන්ධන මිල ඉහළ දමා තිබේ.

කාලීන පුවත්