කොවිඩ් මර්දන එන්නතෙහි 3 වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාදිම දිවයින පුරා දැන් ක්‍රියාත්මකයි.
වයස අවුරුදු 20 ට වැඩි සෑම අයෙකුටම දිවයිනේ ඕනෑම එන්නත්කරණ මධ්‍යස්ථානයකින් මෙම එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි.
පළමු මාත්‍රාව ලබාගත් මධ්‍යස්ථානයෙන්ම 3 වන එන්නත් මාත්‍රාව ලබාගැනිම අනිවාර්යය බවට පැතිර යන ප්‍රවෘත්තිවල කිසිදු සත්‍යතාවක් නැත.
වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට මෙන්ම නිධන්ගත රෝග වලින් පෙලෙන ජනතාව මෙම එන්නත ලබාගැනිම ඉතා වැදගත් බව වෛද්‍ය ගිනිගේ මහතා අවධාරණය කරයි.