දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වා ඉහළට
දේශීය ලොකු ලූණු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 400 දක්වාත් විදේශීය රට වලින් ගෙන්වන ලොකු ලූනු කිලෝවක තොග ගැනුම් මිල රුපියල් 370ක් දක්වාත් අද ( 20) පෙරවරුව වන විට ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය පවසයි. ඉන්දියාව , පකිස්ථානය , ඕලන්දය තුත්තුකුඩි ,ඉරාන් …
තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට …
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින හිමි වී ඇති බව සඳහන්. එම බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ දෙවන වාරිකය මෙය වෙයි. මෙරට මූල්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම …
අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි. දිවයිනේ …
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (20) සිදු කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසි කිරීමට නියමිත බවයි. එමෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක් වටිනා බිල්පත්ද …
උසස් පෙළ සම්මන්ත්රණ සහ දේශන අද මැදියම් රැයෙන් පසු තහනම්
2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ. ඒ අනුව අධීක්ෂණ කටයුතු …
ජීවිත තර්ජන නිසා සල්මාන් ඛාන්ට අලුත් වෙඩි නොවදින රථයක්
සිනමා කටයුතුවලට අමතරව බොලිවුඩ් නළු සල්මාන් ඛාන් තවත් කාරණයක් නිසා මේ දිනවල නිතර මාධ්‍ය තුළ පුවත් මවයි. එනම් ඔහුට නිරන්තරයෙන් එල්ල වන මරණ තර්ජන හේතුවෙනි. පසුගිය කාලයේ දිගටම වාගේ සල්මාන්ට මෙවැනි තර්ජන එල්ල වනු දැකිය හැකි විය. මේ දිනවල නැවතත් ඔහුගේ ජීවිතයට ඇති තර්ජන ඉහළ ගොස් ඇති බවත්, ඒ නිසා ඔහුගේ ආරක්ෂාව තව දුරටත් ඉහළ දැමීමට අදාල අංශ පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. මෙම අලුත් තත්වය මතුව ඇත්තේ මෙයට ටික දිනකට පෙර දේශපාලනඥයකු ඝාතනය කිරීමේ සිදුවීමකින් පසුව ය. පසුගිය 12 වැනි දින මේ ආකාරයෙන් …
නොබෙල් සම්මාන දෙකක් මෙවර ආසියාවට
2024 වසරේ නොබෙල් සම්මාන හිමි කරගන්නා අය ගේ නම් පසුගිය දිනවල ප්‍රකාශයට පත් කරනු ලැබිණි. සෑම වසරකම මෙම සම්මාන දිනා ගන්නා පුද්ගලයන්ගේ සහ සංවිධානවල නම් අදාළ වර්ෂයේ ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කරනු ලබයි. එලෙස ඔක්තෝබර් මාසයේ නම් ප්‍රකාශ කළත් සම්මාන ප්රදානය කෙරෙන්නේ දෙසැම්බර් මාසයේ යි. දකුණු කොරියාවේ හැන් කාං ක්ෂේත්‍ර පහක විශිෂ්ට සොයා ගැනීම්, පර්යේෂණ සහ ක්‍රියාකාරකම් වෙනුවෙන් මෙම සම්මාන පිරිනමනු ලැබේ. එම ක්ෂේත්‍ර පහ නම් භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය සහ සාමය යන ඒවා යි. මෙම ක්ෂේත්‍ර සඳහා සම්මාන පිරිනමන්නේ ඇල්ෆ්‍රඩ් නොබෙල් …
2023, 2024 ජනප්‍රියත්වයට පත් කෘති වලින් පැවසෙන ලෝක සාහිත්‍ය රුචිකත්වයේ ඉදිරි ගමන් මඟ
Fourth Wing කෘතිය විසිපස් වැනි වරටත් පවත්වන්නට යෙදුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පසුගිය 6 වැනිදා නිමාවට පත් විය. සාමාන්‍යයෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ බොහෝ විට දකින්නට ලැබෙන්නේ සම්මානයට පාත්‍ර වූ කෘති සොයා පැමිණෙන සහෘද රසික ජනතාවක් වුව ද එය මෑත වර්ෂයක දෙකක සිට යම් වෙනසකට බඳුන් වී ඇති බවක් දක්නට ලැබේ. ඒ වෙනත් ආකාරවලින්, නිදසුනක් ලෙස ගතහොත් සමාජ ජාලවලින් ප්‍රවර්ධනයට ලක් වූ, එහෙත් සම්මාන නොලද කෘති සොයා පැමිණෙන ප්රවණතාවකි. මෙය පසුගිය වසරේ යම් පමණකින් දක්නට ලැබුණු අතර මෙවර එය වඩාත් කැපී පෙනෙන අයුරින් දකින්නට ලැබිණි …
“ගොඩ වෙදකම්” වල වටිනාකමක් ඇත්තේම නැද්ද?“ – ඉන්දු පෙරේරා
ඔය වගේ අසනීපෙකට ගොඩ වෙදකම් හරියන්නේ නැහැ. ඉක්මනට විශේෂඥ වෛද්‍යවරයෙක් මුණ ගැහිලාහරි හමන් ප්‍රතිකාරයක් කර ගන්න.” ඉහත සඳහන් අන්දමේ වදන් පෙළක් ඔබ කිසිවකුට පවසා හෝ කිසිවකු ගෙන් අසා තිබෙන්නට පුළුවන. නැතහොත් වෙනයම් දෙදෙනකුගේ කතා බහකින් හෝ අහඹු ලෙස ඔබට ඇසී තිබෙන්නට වුව පුළුවන. එහෙත්’ මෙහි “ගොඩ වෙදකම්” යනුවෙන් පැවසෙනුයේ කුමක් …
වෙසක් උළෙලේ ජාතික වැදගත්කම යට ගහන්නේ ඇයි?
මේ එළඹ ඇත්තේ තවත් වෙසක් සමයකි.මෙය බෞද්ධයන් ගේ ආගමික උත්සවයක් බව ප්‍රකට ය.එහෙත්, එම ආගමික සීමාවෙන් බැහැරට යන කල වෙසක් යනු සෑම ශ්‍රී ලාංකිකයකුටම සමාජ,සංස්කෘතික සහ කලාත්මක සේම විනෝදාත්මක ලෙසින් පවා බලපාන පොදු සාමාජීය මහෝත්සවයකි.ඒ සම්බන්ධ සරල ප්‍රායෝගික නිදසුනක් ගත හොත් වෙසක් මුල් කොට පන්සල් නොයන අන්‍ය ජාතික අන්‍යාගමික බොහෝ …
සමාජමය මානසික පීඩනයන්ට සොබා දම ඇසුරින් සහනයක්
වාර ප්රකාශනයකට ලිපියක් ලබාගනු පිණිස මම පසුගිය දිනයෙක එක් තරුණ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුට දුරකථනයෙන් කතා කළෙමි.එවිට ඔහු පවසා සිටියේ ඒ වන විට තමන් කෙතරම් මානසික පීඩනයකින් පසු වන්නේ ද යත් ඒ වන විට නියැලෙමින් සිටි ශාස්ත්‍රීය පර්යේෂණය පවා මුළුමනින් නවතා දමා ඇති බවකි. ඊට හේතුව වශයෙන් ඔහු පවසා සිටියේ මුල …
ඔන්න දැන් අපේ රටට අයිස්ලන්ත සංචාරකයිනුත්!
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්ත සංචාරකයින් පිරිසක් පසුගිය 5 වැනිදා ශ්‍රී ලංකාවට සැපත් වූහ. පැය 24 ක දීර්ඝ ගුවන් ගමනක නිරත වෙමින් එමිරේට්ස් ගුවන් යානයකින් පැමිණි ඔවුහු ශ්‍රී ලංකාව තුළ දින 14 ක් පුරා සංචාරයේ යෙදීමට අපේක්ෂාවෙන් සිටිති. ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණයක් සහිත බොහෝ ප්‍රදේශ කරා ගමන් කරන්නට අපේක්ෂාවෙන් සිටින බවත් දැනගන්නට ලැබී තිබේ. ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර ඓතිහාසික වශයෙන් පැහැදිලි සබඳතා සොයා ගන්නට …
ව්‍යාජ ජ්‍යොතීර්වේදීන්ගේ කටගැස්මක් නොවූ මාලිමා ජයග්‍රහණය – හේම ශ්‍රී අමරසිංහ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජාතික ජන බලවේගයට හෙවත් මාලිමාවට ඓතිහාසික ජග්‍රහණයක් හිමිව තිබේ. මෙම මැතිවරණයෙන් මාලිමාව ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනකු තුළ සාධාරණ අනුමානයක් තිබූ බව සත්‍යයකි. එහෙත්, එය මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇත. ඒ අනුව මෙවර මහ මැතිවරණයෙන් මාලිමාව අනපේක්ෂිත ජයග්‍රහණයක් ලැබූ බව බොහෝ දෙනකු ගේ අදහස වී ඇති බව පෙනේ. “මේ ඡන්දෙ දි මොනවා වේවිද?” මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා …
මේ ඡන්දය මෙච්චරම සාමකාමී වුණේ කවුරුන් නිසා ද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මෙවර මහ මැතිවරණය ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක ඊයේ (14) ප්‍රකාශ කොට තිබේ. ඉතිහාසයේ පැවැති සාමකාමීම මැතිවරණය 2024 මහ මැතිවරණය බවත් ප්රජාතන්ත්රවාදය නිදහස් හා සාධාරණ පදනමින් ප්රජාතන්ත්රවාදය අත් විඳීමට ජනතාවට අවස්ථාව හිමි වූ හොඳම මැතිවරණය මෙය බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විසින් ද තහවුරු කර තිබීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ1947න් පසුව ශ්‍රී ලංකාවේ පවත්වන ලද …
තුනෙන් දෙකක් දී මේ සැරෙත් ඉල්ලං කමුද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
මහ මැතිවරණ දිනය එළඹී ඇත.නමුත් රටේ මිනිස්සු වැඩි දෙනෙකු මැතිවරණයක් ඇතිදැයි නොදන්නා සේ ය.පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පවත්වන මැතිවරණයට “මහ මැතිවරණය” යැයි කියන්නේ කලක් රටේ පැවැත්වුණු ප්‍රධානම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය නිසා ය. පසුව ජනාධිපතිවරයා තෝරා ගැනීමට වෙනම මැතිවරණයක් පැවැත්වීමට පටන් ගැනීමත් සමග පාර්ලිමේන්තු මැතිවරණය නිකම්ම දෙවැනි තැනට කඩා පාත් පත් විය. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය ඇල් මැරුණු ස්වභාවයක් ගැනීමේ ප්‍රධාන වග උත්තර කරුවා වන්නේ නොබෝදා පැවැත් වූ ජනාධිපතිවරණයයි.රටේ …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
දරුවන් නොලැබීමට බලපෑ හැකි පිරිමින්ගේ සැඟවුණු කතාව
යුවළක් විවාහ වී ටික කලක් ගතවන විට “තවම මොකුත් වෙනසක් නැද්දැ” යි බොහෝ දෙනෙක්, විශේෂයෙන් වැඩිහිටි කාන්තාවන් විමසන්නේ එම බිරිඳගෙනි. දරුවා බිහි කරන්නේ කාන්තාව වුවද, දරුවකු ලැබීම යන කාරණාවෙහිදී සැමියා සහ බිරිඳ යන දෙදෙනාටම සම වගකීමක් තිබෙන බව තවමත් අප සමාජයේ ගතානුගතික ලෙස සිතන බොහෝ දෙනෙක් පිළිගන්නට සූදානම් නැත. දරු සම්පතක් නොලද අඹු සැමියන් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් වෙත ගියවිට ඔවුන්ගේ රෝග ඉතිහාසය වීමසීම වෛද්‍යවරයා විසින් අනිවාර්යයෙන් සිදු කරන්නකි. ඉන්පසු මේ …
සුනඛ බිරුම් වල අරුත කෘත්‍රිම බුද්ධියෙන් ගොනු කර ගෙන!
මිචිගන් සරසවියේ පර්යේෂකයෝ කෘත්‍රිම බුද්ධිය තුළ නව මානයක් විවෘත කර ගෙන ඇති බවට පුවතක් වාර්තා වෙයි. සුනඛයින්ගේ සන්නිවේදනය විකේතනය කළ හැකි දැයි ඔවුහු ගවේෂණය කරමින් සිටිති. සුනඛයකුගේ බිරුම් හඬ මගින් ඌ සිටින්නේ සතුටින් ද, ආක්‍රමණශීලී මානසිකත්වයක ද යන්න සහ වයස, සුනඛ ප්‍රභේදය, ලිංගිකත්වය වැනි අතිරේක තොරතුරු ද කෘත්‍රිම බුද්ධිය ඔස්සේ හඳුනා ගත හැකි ද යන්න …
.
මහා පරිමාණ තේ වගාවෙන් බිහිවන හරිත කාන්තාර
අපේ අතීත ගැමියෝ වර්ෂාපතනය වැනි ස්වභාවික සංසිද්ධීන් තමන්ට ආවේණික රටාවකට මැනවින් හඳුනා ගෙන සිටියහ. යල් වැස්ස, මහ වැස්ස, අක් වැස්ස, කඳන් පලන වැස්ස, ඉල් වැස්ස …
වෙනස් පරිසර අත්දැකීමකට ඔබව කැඳවාගෙන යන උස්සන්ගොඩ
අම්බලන්තොට ප්‍රදේශයේ නෝනාගම සිට මීටර් පන්සීයක් පමණ ඉදිරියට ගියවිට මුහුදු තීරයට ආසන්නයේ පිහිටි ඉතාමත් සුන්දර ස්ථානයක් පිළිබඳව මේ විස්තර කරන්නෙ. කලමැටිය අභය භූමියේ හෙක්ටයාර් 111 …
අයිශ්වර්යා අභිෂේක්ගෙන් දික්කසාද වෙයි ද?
අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් යනු බොලිවුඩයේ ඉහළම තලයේ වැජඹෙන නළු නිළි යුවළක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. කෙසේ නමුත් මේ දිනවල ඔවුන් ගැන පැතිරෙන ආරංචි නම් ඒ තරම් සතුටුදායක …
බොලිවුඩයේ සුපිරි නිළි දීපිකා පාදුකෝන් ගැන අලුත් ආරංචියක්
ජනප්‍රිය බොලිවුඩ් නිළි දීපිකා පාදුකෝන් විශේෂ කාරණයක් නිසා මේ දිනවල මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා. මෙය සිනමාවට අදාළ කාරණයක් නම් නොවෙයි. දීපිකා මේ දවස්වල සිටින්නේ මවක වීමට සූදානම් වෙමින්. ඇය …
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කරන ඉල්ලීමක්
එළඹෙන මැතිවරණ කාලය තුළ මහජන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද විජයවික්‍රම සහ ලේකම් ළහිරු කොඩිතුවක්කු යන මහතුන් ගේ අත්සනින් යුතු එම නිවේදනය මෙසේ ය. සියළු ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගෙන් කෙරෙන ඉල්ලීම එළඹෙන මැතිවරණ කාල …
මේ ඡන්ද කාලේ ‘ඔලු පලන ග්‍රහයා’ කුජ වැඩ පෙන්නයිද?
තවත් ජනපතිවරණයක් අත ළඟටම පැමිණෙමින් තිබේ.එමෙන්ම මෙම ජනපතිවරණ උණුසුම සමඟ ජනතාවගේ හැගීම් ආවේග වඩාත් තියුණු බවක් පළ කිරීම ස්වභාවික ය. විශේෂයෙන් එක් එක් පක්ෂ මුල් කොට ගම් මට්ටමේ සිට ඉහළට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන්නවුන් අතරේ පවත්නා මත භේද ඉහළ ගොස් ඔවුන් අතරේ ගැටුම් කල කෝලාහල ප්‍රවර්ධනය වීමේ හැකියාවක් මේ දිනවල වර්ධනය …
හිමාලයේ දී වෙඩි වැදී මියගිය මුවැත්තිය රාජගිරියෙන් යළි මතු වෙයි
මගේ මතකයට අනුව ඒ 2001 වසරේ සිංහල අලුත් අවුරුද්දට ආසන්නතම දිනයෙකි. ශ්‍රී ලංකාවේ මෝහන ප්‍රසංග කලාවේ නිර්මාතෘ සහ පුරෝගාමී මෝහන චිකිත්සකයකු වූ ආචාර්ය නෙවිල් ද සිල්වා ගේ රාජගිරියේ මෝහන චිකිත්සාගාරයට වෙනදාට වැඩි පිරිසක් එක් රොක්ව හිඳිනු දක්නා ලදී. ඊට හේතුව මෝහන චිකිත්සාව උදෙසා එහි පැමිණි පිරිසට අමතරව කළුතර කටුකුරුන්ද පොලිස් …
හාස්කම් බලයෙන් ලේ වගුරවා දෙහි කැපිය හැකිද?
‘දෙහි කැපීම’ ශ්‍රී ලංකාවේ ජීවත්වන අපිට අතිශය හුරු පුරුදු වදනකි. නමුත් මේ කියන්නට යන්නේ දෙහිකැපීමේ අලුත්ම විලාසිතාවක් ගැන ය. ඒ ගැන මා සමඟ පැවසුවේ අගනුවර රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු දෙදරු මවක් වන දීපිකා සමන්ති මහත්මියයි. “අපේ පුතාගේ ඉස්කෝලේ (ගම්පහ නගරයේ ජනප්‍රිතම පාසලක්) ළමයින්ගේ අම්මලා දරුවන්ට ඇස්වහ-කටවහ තියෙනවද? බලන්න දෙහි කපන …