තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්
10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා බ්‍රහස්පතින්දා (21) පෙරවරු 9.00 වනවිට පාර්ලිමේන්තුවට පැමිණෙන ලෙස සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. බ්‍රහස්පතින්දා පෙරවරු 10.00ට 10වන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම පැවැත්වීමට නියමිත ය. පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්‍රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට …
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200ක ණයක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබාදීමට තීරණය කර තිබේ. ඊට අදාළ අනුමැතිය ඊයේ (19) දින හිමි වී ඇති බව සඳහන්. එම බැංකුව විසින් 2023 වසරේදී අනුමත කරන ලද ණය මුදලේ දෙවන වාරිකය මෙය වෙයි. මෙරට මූල්‍ය ක්ෂේත්රය තවදුරටත් ශක්තිමත් කිරීම …
අදත් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75ට වැඩි තද වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවයි. දිවයිනේ …
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ 45,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට (20) සිදු කිරීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් හෙට වෙන්දේසි කිරීමට නියමිත බවයි. එමෙන්ම දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 65,000ක් වටිනා බිල්පත්ද …
උසස් පෙළ සම්මන්ත්රණ සහ දේශන අද මැදියම් රැයෙන් පසු තහනම්
2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම උපදෙස් පිළිනොපදින පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. මේ අතර විභාග කාලසීමාව තුළ විභාග අධීක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබේ. ඒ අනුව අධීක්ෂණ කටයුතු …
ආණ්ඩුවේ 43කට විපක්ෂයේ ආසන
නව පාර්ලිමේන්තුව රැස් වෙන ලබන 21දා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන් 43 දෙනකු වෙනුවෙන් විපක්ෂය පාර්ශ්වයේ ආසන පැනවීමට සිදුවන බව වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා ප්‍රකාශ කළේය. ආණ්ඩු පක්ෂය පාර්ශ්වයේ අසුන්ගත හැක්කේ මහජන නියෝජිතයන් 116කට පමණක් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මහජන නියෝජිතයන්ට මෙලෙස විපක්ෂය …
බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයෙන්. මේ වනවිට …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
ස්පාඤ්ඤයේ රජුට සහ බිසවට මඩ ගුලිවලින් පහර දෙයි
රජවරුන් සාමාන්‍යයෙන් මුහුණ නොදෙන විදියේ දුර්ළභ ගණයේ සිද්ධියකට පසුගිය දිනෙක ස්පාඤ්ඤයේ ෆිලිපේ රජු මුහුණ දුන්නා. එනම් ජනතාවගෙන් මඩ ගුලි සහ ගල් මුල් ප්‍රහාරයකට ලක් වීම යි. රජු පමණක් නොව ඔහුගේ බිසව ලෙටීසියා ද මේ අමිහිරි අත්දැකීමට මුහුණ දී තිබෙනවා. මෙයට ටික දිනකට පෙර ස්පාඤ්ඤයේ ප්‍රදේශ රැසක් දරුණු ජල ගැල්මකට හසු වුණා. එයට හේතු වූයේ එම ප්‍රදේශවලට ඇදහැළුණු ඇදහිය නොහැකි තරමේ මහා වර්ෂාව යි. මාධ්‍ය වාර්තාවල දැක්වුණු හැටියට …
සංචාරයට හොඳ අපේ රට හොඳම රට කරමුද? – අනුර හොරේෂස්
ඊයේ පෙරේදා දවසක මම ප්‍රවෘත්තියක් දැක්කා;විදේශීය සංචාරකයන් රැගත් ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ආකාරය. එම ප්‍රවෘත්තියේ සඳහන් වූ අන්දමට පෝලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ ඕස්ට්‍රේලියාව යන රටවල්වලින් සංචාරකයින් පැමිණියා. ශ්‍රී ලංකාව සුන්දර රටක්. මේ රටට විදේශ විනිමය ලබාගත හැකි මාර්ග තුනක් තිබෙනවා. කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය සහ සංචාරක ව්‍යාපාරය. එයින් හැකි විගසින් පළමුව අස්වැන්න නෙළගත හැක්කේ සංචාරක ව්‍යාපාරයෙන්. රට තුළ නිදහසක්, ආරක්ෂාවක් තිබෙනවා නම් සංචාරකයන් ඕනෑම රටකට …
කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළිපහළියට ආ තරුණිය
තරුණ කාන්තාවක් සිය ඇඳුම් උනා දමා යට ඇඳුම් පිටින් ප්‍රසිද්ධියේ සැරිසැරීම බොහෝ දනකුගේ කුතුහලයට හේතු වන්නකි.ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ පසුගිය නොවැම්බර් 02 වන දා සිදු වූ එබඳු සිදුවීමක් වෙත මේ වන විට ලෝක අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර වශයෙන් පවා …
හිස්බුල්ලා ප්‍රහාරය ඉරානයේ බළල් අතක්ද?
මැදපෙරදිග කලාපය පුරා පැතිර යමින් පවතින නොසන්සුන් ස්වභාවය වැඩි කරමින් නොවැම්බර් 2 වැනිදා අලුයම් කාලයේ දී ඊශ්‍රායලයේ උතුරින් පිහිටි ෂැරොන් පළාතට හිස්බුල්ලා සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල කරනු ලැබූ අතර එයින් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා ඇති වාර්තා වේ. එමෙන්ම මධ්‍යම ඊශ්‍රායලයේ ටීරා ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බව ද පැවසේ. මේ ප්‍රහාරය පසුපස ඉරානයේ බලපෑමක් තිබේ ද යන ප්‍රශ්නාර්ථය මේ වන විට නැගෙමින් …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
ඔබට නොදැනී ඔබේ ශරීරය රෝගී වෙමින් පැවතිය හැකියි – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
බාහිරින් පෙනෙන හෝ ශරීරයට විශේෂයෙන් දැනෙන රෝගී තත්ත්වයක් නැතිව ඔබේ හිතවත් කෙනෙක් එක්වරම රෝගීවී ගිය අවස්ථා ඔබත් ඕනෑ තරම් දැක තිබෙනු ඇත. මන්ද, වර්තමානය වනවිට මෙය ඉතාමත් සුලබ තත්ත්වයක් වන බැවිනි. මෙවැනි අවස්ථාවක දී එම පුද්ගලයාට මෙන්ම ඔහුගේ පවුලේ අයටත් මෙය කිසිසේත්ම විශ්වාස කළ නොහැකි තත්ත්වයක් වනු ඇත. නමුත් ඔහුටවත් නොදැනීම ඔහුගේ ශරීරය ක්‍රම ක්‍රමයෙන් රෝගී වී තිබෙන අන්දම මෙයින් වටහා ගත හැකිය. ඔහු සහ ඔහුගේ ශරීරය යනු එකක් නොව දෙකකි …
සතුන් කෙරෙහි අපරිමිත දයානුකම්පාවක් පෑ අපේ කාලයේ බෝසත් වරයෙක්;රතන් ටාටා
මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරුව සිටි, වර්තමාන චාල්ස් රජු, 2018 වසරේ දී ඉන්දියාවේ දැවැන්ත ව්‍යාපාරිකයකු වූ රතන් ටාටාගේ මානව හිතවාදී ගුණය පිළිබඳ ඇති වූ පැහැදීම නිසා, මානව හිතවාදිත්වය වෙනුවෙන් යාවජීව සම්මානයක් පිරිනැමීමට අදහස් කළේය. මේ වෙනුවෙන් දැවැන්ත උත්සවයක් සංවිධානය කළ චාල්ස් රජු රතන් ටාටා ට මේ සඳහා ඇරයුම් කළේය. කෙසේ නමුත් උත්සවය පවත්වන්නට යෙදූණු දිනයේ …
.
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …
මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්
පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි …
වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා
ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …
විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …