ජාතික ලැයිස්තුවට පිටින් බෑ – මැකෝ කියයි
සියලු පක්ෂවල ජාතික ලැයිස්තුවට නම් කර ඇති සාමාජිකයන් හා මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාරදුන් නියෝජිතයින් හැර වෙනත් කිසිදු පුද්ගලයෙකු ජාතික ලැයිස්තුවෙන් පත්කිරීමට හැකියාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කරයි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ජාතික …
නව පාලනයට ලබාදිය හැකි උපරිම සහාය ලබාදීමට සුදානම් – සජිත් ප්‍රේමදාස
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී බහුතර ආසන ප්‍රමාණයක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලැබු ජාතික ජන බලවේගයට සිය සුබ පැතුම් එක්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනුයි ඔහු මේ බව සදහන් කරයි. ලැබු ජයග්‍රහණයත් සමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ බලාපොරොත්තු …
ප්‍රදේශ කිහිපයකට අද මි.මී 75ක තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75 ක පමණ තරමක …
නව පාර්ලිමේන්තුව 21 වැනිදා
මහ මැතිවරණයෙන් බලයට පත් නව රජයේ පළමු පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා සවස 3.00ට රැස්වීමට නියමිතය.එලෙස පළමු සභාවාරය ආරම්භයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකිරීමට නියමිත ය. එම රැස්වීමේ මුලසුන දරන්නේ ද ජනාධිපතිවරයා විසිනි …
මම ලේසියෙන් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ
තමන් ලේසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බවත් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මාලිමාවේ ජයග්‍රහණය ජනතා තීන්දුවක් නිසා තමන් ඊට ගරු කරන බවත් කෙසේ වෙතත් පක්ෂය ගොඩගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය …
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට නඩු
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය …
බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්රටික් පක්ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්ෂයෙන්. මේ වනවිට …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
මහ මැතිවරණය නොවැම්බර් 19, 20, 21,දින තුනෙන් එකක? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
2024 පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ වෙනසක් සිදු වන බවක් පෙනේ.පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා දින නියම කෙරුණු ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල ප්‍රකාශයෙහි ඇති නෛතික දෝෂමය තත්වයක් නිසා එම මැතිවරණය කල් යා හැකි ලකුණු පවතින බවට අප විසින් පසුගියදා ලිපියකින් හෙලි කරන ලදී.මේ වන විට එම ගැටළුව ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම ගොස් ඇති බව පෙනේ. මේ කරුණ පිළිබඳව පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තහවුරු කිරීම සඳහා නොවැම්බර් 4 දිනයට කැඳවීමට නියෝග නිකුත් කර ඇත.ඒ අනුව …
කල්පිත ටාසන් තුළ සැබැවින්ම ජීවත් වූ වීරයා මිය යයි
1980 දශකයේ ජාතික රූපවාහිනිය ඔස්සේ විිකාශනය වූ ‘ටාසන්’ කතා මාලාව නරඹා තිබෙනවා වන්නට පුළුවන. එසේ මතකයේ රැඳී තිබෙනවා නම් ඔබ අඩුම තරමින් ජීවිතයේ හතරවැනි දශකය පසුකර යන්නෙක් විය යුතුය. මුලින්ම ඉංග්‍රීසි බසින් විකාශනය වූ මේ කතා මාලාව පසුව ටයිටස් තොටවත්තයන් විසින් සිංහල බසින් ද හඬ කවා නැවත විකාශනය කරනු ලැබිණි. මේ කතා මාලාවේ ටාසන් චරිතයට පණ දුන් ලෝක ප්‍රකට රංගන ශිල්පී, ඇමරිකානු ජාතික ‘රොන් එලි’ (රොනාල්ඩ් පියර්ස් …
ගම්මන්පිලගේ උප්පරවැට්ටියට අනුරලා බිලිවේද? – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පාස්කු ප්‍රහාරය මේ මහ මැතිවරණයේත් ප්‍රධාන ප්රශ්නය බවට පත් වෙන ලකුණු පහළ වෙමින් තිබේ.මීට පෙර එය මැතිවරණ දෙකක ද ප්‍රධානම මාතෘකාව බවට පත් ව තිබුණි.ඒ 2019 ජනාධිපතිවරණයේ හා 2020 මහ මැතිවරණයේදී ය. එසේ වුව ද 2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ හොරු ඇල්ලීම ය.මේ මහ මැතිවරණයේ දී දේශපාලනික වශයෙන් යන එන මං නැතිව නන්නත්තාර වී සිටි උදය ගම්මන්පිලට කවුදෝ දුන් වාර්තා පිටපත් දෙකක් නිසා යළිත් වටයකින් …
ශ්‍රී ලංකාව සයිබර් අපරාධ මධ්‍යස්ථානයක්;ඒකට මොකද කරන්නේ?
ශ්‍රී ලංකාව සයිබර් අපරාධවල මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් පවතින බවට ප්‍රවෘත්තියක් මෑත දිනක අසන්නට ලැබිණි. බොහෝ දෙනෙක් මෙයට ගොදුරු වී ඇත්තේ මාර්ගගත (online) ක්‍රමයට ලබා දෙන ණය මුදල් ලබාගැනීමට යාමේදීය. මේ ජාවාරම් කරුවන් කාලයට ගැළපෙන පරිදි විවිධ උපක්‍රම යොදමින් ගොදුරු සොයා ගන්නා බව පෙනේ. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වුණු කාලයේ දී පොත් ගැනීම සඳහා ණය මුදල් ලබා දෙන බව පවසමින් බොහෝ දෙනෙකුගේ ජංගම දුරකතනවලට කෙටි පණිවිඩ ලැබී තිබිණි …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
කලින් හඳුනාගත් තරමට වකුගඩු රෝග සුවපත් කිරීම පහසුයි – වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය චූලා හේරත්
වකුගඩු අපේ ශරීරයේ තිබෙන ඉතා වැදගත් වූ ඉන්ද්රියයන් අතරින් ප්‍රධාන එකක්. මේ අවයවයෙහි තරම පිළිබඳව සැලකුවහොත් එය මිට මෙලවූ අත් දෙකකට වඩා ලොකු නෑ. නමුත් මෙයින් කෙරෙන කාර්යය කෙසේවත් සුළුපටු නොවෙයි. අපගේ උදර කුහරය තුළ පිහිටා තිබෙන මෙම ඉන්ද්රිය මගින් කරනු ලබන ප්‍රධානතම කාර්යය විෂ ද්‍රව්‍ය සහ අමතර ජලය ඉවත් කිරීමයි. වකුගඩු මගින් දිනකට රුධිරය ලීටර් 200ක පමණ ප්‍රමාණයක් පිරිසිදු කරනු ලබනවා. හරියටම කිවහොත් එහි පරිමාව සාමාන්‍ය ප්‍රමාණයේ බාල්දි විස්සක් පිරවීමට ප්‍රමාණවත්. මීට අමතරව රුධිර …
සදහටම සමුගත් සෙනෙහෙබර බිරිඳක වෙනුවෙන් සැමියකු ගේ හදින් පිබිදුණු කවි කු(සු )සුමක්!
සාහිත්‍යකරණය සංගීතය ඇතුළු කලා ක්ෂේත්රයන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රාමාණික දක්ෂතා හෙබවූ 1975 වසරේ රාජ්‍ය සාහිත්‍ය උළෙලේ සමස්ත ලංකා කෙටි කතා තරඟයෙන් පළමු තැන හිමි කර ගත් චන්ද්‍රලතා ලක්දුසිංහ කලාවේදිනියගේ පළමු වන …
සුනඛයන්ගේ පිළිකා ගැන දැන ගනිමු
සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වූයේ ගල් යුගයටත් පෙර සිටමයි. මේ වන විට අප ගතකරන්නේ 21 වෙනි ශතවර්ෂයේ. අදටත් මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා යි. ඔවුන් තුළ ඇති උතුම් ගතිගුණ සහ මිනිසාට දක්වන අසීමිත ආදරය හා ලෙංගතුකම හේතුවෙන් මේ විශ්වය පවතින තුරුම සුනඛයා මිනිසාගේ හොඳම මිතුරා වන බවට කිසිදු සැකයක් නෑ. ආබාධිත පුද්ගලයන්, අන්ධ පුද්ගලයන්, ඔටිසම් රෝගීන් …
.
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …
මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්
පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි …
වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා
ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …
විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …