මම ලේසියෙන් දේශපාලනයෙන් සමු ගන්නේ නෑ
තමන් ලේසියෙන් දේශපාලනයෙන් සමු නොගන්නා බවත් මෙවර මැතිවරණයෙන් අපේක්ෂා කළ ආසන ගණන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බවත් එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.එමෙන්ම මාලිමාවේ ජයග්‍රහණය ජනතා තීන්දුවක් නිසා තමන් ඊට ගරු කරන බවත් කෙසේ වෙතත් පක්ෂය ගොඩගැනීම සඳහා කඩිනමින් අවශ්‍ය …
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන අපේක්ෂකයන්ට නඩු
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ වියදම් නියාමන පනත අනුව මැතිවරණය අවසන් වී දින 21 ක් ඇතුළත සියලු වියදම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුවේ. පාර්ලිමේන්තු මහ මැතිවරණය …
නාමල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා දස වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමට කටයුතු කළ බව එම පක්ෂයේ මහ ලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කරයි.ඒ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය යොදා ගනිමිනි.ඒ මහතා …
අලුත් ආණ්ඩුවට ලෝක බලවතුන්ගෙන් සුබපැතුම්
ජාතික ජන බලවේගයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ලෝක බලවතුන් සාමාජ මාධ්‍ය ඔස්සේ අද සිය සුබපැතුම් එක්කර තිබුණි. ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක්කර තිබේ. එක්ස් පණිවඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් …
10වන පාර්ලිමේන්තුව ලබන 21 රැස්වෙයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 10 වන පාර්ලිමේන්තුව ලබන 21 වනදා රැස්වීමට නියමිතයි. මේ අතර නව පාර්ලිමේන්තුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීම ලබන 18 වනදා සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වෙයි. පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේ දී විශේෂ කටයුතු ලෙස කතානායකවරයා පත්කර ගැනීම , මන්ත්‍රීවරුන් දිවුරුම්දීම , නියෝජ්‍ය කතානායක හා …
දැන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අභියෝගට මුහුණ දිය යුතුයි
ශ්‍රී ලංකාවේ බිලියන 40කට වැඩි විදේශ ණය, ද්විපාර්ශ්වික ණය මෙන්ම ජාත්‍යන්තර ආයතන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම පාර්ලිමේන්තුවේ 2/3 බලය හිමි කර ගත් අනුර කුමාර දිසානායක ගේ නායකත්වයෙන් යුතු ජාතික ජනබල වේග රජය මුහුණ දෙන ප්‍රධාන අභියෝගය බව බීබීසී ලෝක සේවා රූපවාහිනී නාලිකාව පවසයි.”ඔවුන් ණය ආපසු …
බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ජනාධිපති තරගයට?
ඇමරිකාවේ හිටපු ජනාධිපති බරැක් ඔබාමා ගේ බිරිඳ මිෂෙල් ඔබාමාත් ඉදිරියේ දී ජනාධිපති ධුරයට පත් වෙයි ද? ඇය සම්බන්ධයෙන් මේ දිනවල එරට මාධ්‍ය තුළ පළවන තොරතුරු නිසා බොහෝ දෙනෙකු තුළ මෙවැනි කුතුහලයක් ඇතිව තිබෙන බව පෙනෙනවා. මේ වසරේ නොවැම්බර් මාසයේ ඇමරිකාවේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත යි. එය පැවැත්වෙන්නේ නොවැම්බර් 5 වැනි දින යි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට මේ වනවිට නියමිතව සිටින්නේ වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනා යි. බයිඩ්න් ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් වනු ඇති අතර ට්‍රම්ප් ඉදිරිපත් වන්නේ රිපබ්ලිකන් පක්‍ෂයෙන්. මේ වනවිට …
යකින්නන් ලෙස හැඳින්වෙන බිරින්දෑ වරුන් ගේ කතා බොරුමත් නොවේ – දුරාතීතයේ අප රටේ විසූ යකින්නන් ගේ තතු විමසීමක්
භාර්යාවන් යකින්නන් බව ඇඟවෙන ප්‍රකාශයන් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ද නිතර දැක ගත හැකි ය. එහෙත්,බිරිඳ යකින්නියක නම් වහා ඇගෙන් ඉවත් විය යුතු නෙවේද? යන්න එවැන්නකු ගෙන් විමසුව හොත් ඔවුන් ගෙන් ලැබෙන පිළිතුරු වල පොදු අරුත වනුයේ එය එසේ විවාහයෙන් වෙන් වීමට තරම් ප්‍රබල කරුණක් නොවන බවකි. ඒ අනුව …
කොරියානු කලාපයේ යුද්ධයක් ඇති වෙයි ද?
මෙය ලෝකයේ කලාප කිහිපයක්ම යුද උණුසුමෙන් ඇලලී ඇති කාලයකි. යුක්රේන යුද්ධය නිසා යුරෝපය තුළ ද, ඊශ්‍රායල-හමාස්- හිස්බුල්ලා ගැටුම් නිසා මැද පෙරදිග ද විශාල අස්ථාවරත්වයක් ගොඩ නැගී තිබේ. ඉදිරියේ දී ආසියානු කලාපයේත් මෙවැනි ගැටුම්කාරී තත්වයක් ඇති වෙයි ද? මේ ගැන මේ වනවිට බොහෝ පාර්ශ්ව තුළ යම් සැකසංකා වර්ධනය වෙමින් ඇති ආකාරයක් දැකිය හැකි වේ. එයට ප්‍රධාන වශයෙන්ම පසුබිම් වන්නේ තායිවානය සහ චීනය අතර මෙන්ම උතුරු කොරියාව සහ දකුණු …
මහ ඡන්දය කල් යන ළකුණු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
2024 පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමේදී නීතිමය වශයෙන් බලවත් නොසැලකිල්ලක් සිදුව ඇති බවට මැතිවරණ කොමිෂන් සභාව දැනුවත් කිරීමට කිසියම් පුරවැසි සංවිධානයක් ක්‍රියා කර තිබේ.ඊට පෙර ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද මැතිවරණ දිනය පිළිබඳව යම් විරෝධයක් මතු කරනු දක්නට ලැබුණි.භික්ෂූන් වහන්සේලාගේ විරෝධයට පදනම් වී තිබුණේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීම අවසන්ව කඨින චීවර පූජාව පැවැත්වීමට නියමිත මසක කාල පරිච්ඡේදයේ අවසන් දිනයට පෙර දින මහ මැතිවරණ දිනය ලෙස …
අදටත් දේශපාලන අලෙවි භාණ්ඩයක් වූ පාස්කු ප්‍රහාරය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
පාස්කු ප්‍රහාරය මත ඇතිවී ඇති දේශපාලන ආරවුල සහරාන් හසීම් ප්‍රමුඛ මරාගෙන මැරෙන අන්තවාදීන් කළ ප්‍රහාරයටත් වඩා ඉදිරියට ඇදී යන ලකුණු පහළ වී ඇත.2019 අප්‍රේල් 21වන දින සිදුවූ පාස්කු ප්‍රහාරය එවක කොළඹ දිස්ත්‍රික්කය භාර දිසාපතිවරයා වූ මා දැන ගත්තේ ප්‍රහාරය සිදුවී පැය භාගයකින් පමණ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන මගේ මිත්‍ර විශේෂඥ වෛද්‍ය ශාන්ත ඉන්ද්‍රලාල් ගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් මගිනි.අන්තර් ජාලය ඔස්සේ කොච්චිකඩේ පල්ලිය හා කටුවාපිටිය පල්ලියේ ප්‍රහාරය ගැන මුල් තොරතුරු …
පාලකයන් ගේ නඩත්තු වියදම් සම්භාරය ජනතාවගේ කර මතින් ඉවත ලමුද? – මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විවිධ පුද්ගලයන් අතරේ වර්තමාන දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීම සම්බන්ධයෙන් පැන නැඟී ඇත්තේ අතිශය තියුණු තරඟකාරී තත්වයකි.ඒ දෙස පසෙකට වී බලා සිටින්නකු හර “මේ මොන කෑදර කමක්දැ?”යි සිතෙන මට්ටමට තත්වය බරපතල අතට හැරී තිබේ.ජනතාවට සේවය කිරීමට කියා බලය ඩැහැ ගැනීමට කෑදර කම් පාන්නවුන් ගේත් ක්‍රියාකාරකම් සේම මේ වන විට දේශපාලන බලය අත්පත් කර ගත් බොහෝ දෙනකු තුළ පවත්නා එය අතහැරීමට ඇති බරපතල නොකැමැත්ත ද මේ වන විට ඉතා පැහැදිලිව …
මේ Movember මාසයයි …! – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මොවැම්බර් යනු ලෝකයේ බොහෝ රටවල්වල නොවැම්බර් මාසය පුරා සමරන වැඩ සටහනකි. මෙහි ප්‍රධාන පරමාර්ථය වන්නේ පිරිමි පාර්ශවයට අදාල සෞඛ්‍ය ගැටලු කිහිපයක් වෙත වෙනදාට වඩා වැඩි අවධානයක් ලබා දීමයි. එමෙන්ම ඒ වෙනුවෙන් සංවිධානය කළ යුතු වැඩ සටහන් වෙනුවෙන් අරමුදල් සොයා ගැනීමයි. මේ වැඩ සටහන තුල පිරිමින්ටම විශේෂ වූ සෞඛ්‍ය ගැටළු කීපයකට අවධානය ලබා දෙන්නේ විවිධ ආකාරයේ හැඩයන්ට රැවුල් වැවීමෙනි. ලෝකය පුරා …
පීනස් රෝගයෙන් බේරී සිටිය හැකිද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
නාසයේත් උගුරේත් හිස් කබල තුලත් නිතර සෙම එකතු වීම සහ සොටු දියර ගැලීම, උගුර කසන්නට ගැනීම වැනි ලක්ෂණ තිබේ නම් එය පීනස ලෙස හඳුන්වන්න පුලුවන්. පීනස හේතුවෙන් මෙසේ නාසය, උගුර සහ හිස් කබලේ ඇති කුහර තුල සෙම එක් රැස් වීමත් වරින් වර නාසයෙන් සොටු දියර ගැලීමත් ඇස් වල කැසීමක්, උගුර හෝ තල්ල කැසීමක් ඇති විය හැක. බොහෝ විට මෙසේ නාසයෙන් …
සුව නොවන තුවාල වෙනුවෙන් අත්පා ඉවත් නොකර කළ හැකි සාර්ථක ප්‍රතිකාර – වෛද්‍ය ගයාන් ජයකොඩි
සුනඛයන් බළලුන් වැනි සතුන් තමන්ගේ ශරීරයේ තුවාලයක් හට ගත් කල එය ලෙව කන අයුරු ඔබ දැක ඇති. මෙය සුනඛයන්, බළලුන් පමණක් නොව ඕනෑම ක්ෂීරපායි තිරිසන් සතකු විසින් සිදු කරනු ලබන්නකි. සතුන්ගේ තුවාල සුව වීමේ ස්වභාවික ක්‍රමවේදය එයයි. ඔවුන්ගේ ඛේටයෙහි අන්තර්ගත විෂබීජ නාශක ගුණයත්, භාෂ්මික ස්වභාවයත් නිරායාසයෙන්ම ඔවුන්ගේ තුවාල සුව වීම සඳහා ඉවහල් වෙයි. එය සතුන් සොබා දහමින් ලත් ආශිර්වාදයකි. ගල් යුගයේ මිනිසා ද එලෙස ලෙවකා ගනිමින් තුවාල සනීප කරගන්නට ඇතැයි අපට අනුමාන කළ හැකිය. නමුත් …
සුරතල් සතුන්ට බෙහෙත් සහ එන්නත් දීම
නිවෙස්වල ඇතිදැඩි කරන සුනඛ සහ බළල් සුරතලුන් රෝගී වූ විට ප්‍රතිකාර ලබාදීම මෙන්ම ඇතැම් බරපතළ රෝග වැළැක්වීම සඳහා සුදුසු කාලවලදී ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ද ඉතා වැදගත් වෙනවා. ඔබ ඇතිදැඩි කරන සතා නිරෝගීව වැඩෙන්නට මෙබඳු පිළිවෙත් අවශ්‍ය වුවද මෙවැනි කරුණු සම්බන්ධයෙන් හිමිකරුවන් දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බවයි පෙනෙන්නේ. මේ හේතුව නිසාම සතුන් නොසිතූ ආකාරයේ රෝගවලට ගොදුරු …
.
වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …
උරුමය ඔප්පු සහ සාක්ෂි නොමැති අලි ඝාතන එක ම කාසියේ දෙපැත්ත ද? – සජීව චාමිකර
අද වන විට ආණ්ඩුවට අවශ්‍ය ව ඇත්තේ ගොවිතැනෙන් ඉවත් කර ගන්නා ඉඩම් මහ පරිමාණයෙන් සමාගම්වලට හා ව්‍යාපාරිකයන් වෙත ආයොජන සඳහා ලබා දීමට ය. ඒ සඳහා …
මැතිවරණයෙන් ජයගත් ඉන්දීය සිනමා නිළි කන්ගනාට කම්මුල් පහරක්
පසුගිය දා පැවැති ඉන්දියාවේ මහා මැතිවරණයට ඉදිරිපත් වූ එරට නළු නිළියෝ කිහිප දෙනෙක්ම ඉන් ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසීමට වරම් දිනා ගත්හ. ඒ අතරින් විශේෂයෙන්ම කැපී පෙනුණු දෙදෙනකු වූයේ ජනප්‍රිය නිළි …
වැඩිම වාර ගණනක් එවරස්ට් තරණය කර ලෝක වාර්තා පිහිටු වූ අපූරු කඳු නගින්නා
ලොව උසම කඳු මුදුන ලෙස සැලකෙන්නේ එවරස්ට් කඳු මුදුන බව බොහෝ දෙනා දන්නා කාරණයකි. එහි උස අඩි 29,000 කට (මීටර 8,850 කට) ආසන්න ය. සෑම වසරකම සිය ගණනක් කඳු නගින්නෝ …
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම දිසාපති;ලයනල් ප්‍රනාන්දු – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු දිසාපති
එදා මෙදා තුර ශ්‍රී ලංකා පරිපාලන සේවාවෙන් බිහි වූ විශිෂ්ඨතම දිසාපතිවරයා නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයා වූ ලයනල් ප්‍රනාන්දු මහතා දිවියෙන් සමුගත් පුවත අප කාගෙත් සිත් සොවින් බර කරන පුවතකි.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ විශ්‍රාමිකව සිටින අප වැනි පිරිසෙන් සුවිශාල පිරිසකුත් “ලයනල් ප්‍රනාන්දු ” පිළිබඳ මතකයන් සහිතව තවදුරටත් සේවයේ නිරත නිලධාරීනුත් එකී මතකයන් …
එකම ග්‍රහ අපලය සෑම කෙනකුටම එක සේ බලපානවාද? – හේම ශ්‍රී අමරසිංහ
එකම ග්‍රහ අපලය සෑම පුද්ගලයකු සම්බන්ධයෙන්ම එක සේ බලපාන බව සමාජයේ පවත්නා පොදු විශ්වාසයකි. එහෙත්, එය නියත සත්‍යතාවක් ඇති කතාවක් නොවේ.ඒ ග්‍රහ අපල වල බලපෑම පුද්ගලයාගෙන් පුද්ගලයාට එකි`නෙකාට වෙනස් අයුරින් බලපාන බැවිනි. මිනිසුන් කෙරෙහි පුද්ගල වශයෙන් එල්ලවන ග්‍රහමය බලපෑම් පිළිබඳ විශ්වාසය මානව ශිෂ්ඨාචාරයේ ආදිතම යුගය දක්වා අතීතයට දිව යන්නකි. මෙලොව …
මහව බණ්ඩාට කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ ආරූඪ වුණු හැටි
විසි වන සියවසේ අප රටේ මන්ත්‍ර ගුරුකම් පිළිබඳව විශිෂ්ඨතම සන්නාමයක් තිබේ. ඒ ‘කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ’ ය. කඩම්බාවේ සීලරතන යන පැවිදි නමින් යුතු උන්වහන්සේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් පෑ දස්කම් විස්කම් පිළිබඳව පුවත්පත් ලිපි සේම පොතපත ද ලියැවී තිබේ. “අන්න කොණ්ඩදෙණියේ හාමුදුරුවන්ගේ ආත්මය ආරූඪ වුණු මහව පැත්තේ වයසක මනුස්සයෙක් සාත්තර කියන්න පටන් අරන්ලු …
විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්න පුළුවන්ද?
අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ‘ප්‍රඥා පාරමිතා’ වැඩසටහන් මාලාව නිමිතිකොට 2001 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දී ‘බුදු දහම සහ මිථ්‍යා මත’ යන මැයෙන් සංවාදාත්මක දේශන මාලාවක් සංවිධානය කොට තිබිණි. එහි එක් දේශනයක් සඳහා මට ද ඇරයුම් ලැබී තිබූ අතර, සම්මන්ත්‍රණයේ මාතෘකාව වූයේ ‘බුදු දහම සහ …