දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වී තිබේ.
මේ හේතුවෙන් දිවයින පුරා දුම්රිය ස්ථානවලදී දුම්රිය මගීන් රැසක් අපහසුතාවයන්ට පත්විය.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, කඩිනමින් සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි.