සූදානමකින් තොරව කරුණු දැක්වීමට පැමිණීම පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කෝපා කමිටුවේ දැඩි අප්‍රසාදය පළ වී තිබේ.
සූදානම්ව පැමිණෙන ලෙස දන්වමින් මෙම නිලධාරීන් නැවත හරවා යැවීමටයි කෝපා කමිටුව කටයුතු කළේ.කෝපා හෙවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ මූලිකත්වයෙන්.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2022 සිට 2023 දක්වා වසරවල විගණකාධිපති වාර්තා සහ වත්මන් කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම එහි අරමුණ විය.
කෝපා කමිටුව පසුගිය රැස්වීම්වලදී ලබාදුන් නියෝග සම්බන්ධයෙන් මෙහිදී විමසා බලනලදි.රේගු පරිඝනක පද්ධතිය සමග සම්බන්ධ වීමට පෙර සිදුවූ අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් විගණකාධිපති ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳ පරීක්ෂණ හා ඊට වගකිව යුතු නිලධාරීන්ට ගත් විනය ක්‍රියාමර්ග පිළිබඳව ද මෙහිදී විමසා බලා තිබේ.
එහෙත් ඒ පිළිබඳ වාර්තාවක් නොමැති බැවින් එම නිලධාරීන් මෙහිදි දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබේ.