සිරිපා වන්දනාවේ යන්නන් සඳහා එන්නත්කරණය සම්පූර්ණ කළ බවට තහවුරු කෙරෙන එන්නත් කාඩ් පත හෝ එහි පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය කර ඇත.
මෙවර සිරිපා වන්දනා සමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
සියලු බැතිමතුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපඳිමින් මුව ආවරණ පැලඳීම හා දුරස්ථභාවය පවත්වා ගනිමින් වන්දනාවේ යෙදිය යුතු බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්මයා යුතු බවද ඇය සඳහන් කළාය.
සිරිපා වන්දනා සමය උඳුවප් පොහොය යෙදෙන මෙම මස 18 වනදා ආරම්භ වීමට නියමිතය.
එලෙස ආරම්භ වන සිරිපා වන්දනා සමය ලබන වසරේ මැයි මස 16 වනදා දක්වා ක්‍රියාත්මක වේ.