STEAM අධ්‍යාපන ක‍්‍රමවේදය ඇරඹෙයි

අධ්‍යාපන ක‍්‍රමවේදය ඇරඹෙයි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, කලා විෂයන් සහ ගණිතය සහිත නව ස්ටීම්(STEAM )අධ්‍යාපන ක‍්‍රමවේදය අද මෙරට පාසල් අධ්‍යාපනයට හඳුන්වා දීමේ සමාරම්භක උළෙල අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද(31) කොළඹ රාජකීය විද්‍යාලයේදී පැවැත්විණි.ලොව පුරා රටවල් 96 ක පමණ භාවිත වන සාර්ථක අධ්‍යාපන ක‍්‍රමවේදයක් වන අතර දරුවකුගේ බුද්ධියේ සෑම කොටසක් කෙරෙහිම අවධානය යොමු වීම මෙහි විශේෂත්වයකි.එමෙන්ම මෙම ක‍්‍රමවේදයේ විෂය ධාරාව අනුව කිසිදු දරුවෙකු පාසල් අධ්‍යාපනයෙන් අතරමගදී ඉවත් නොකෙරෙන අතර පෙර පැවැති අධ්‍යාපන ක්‍රමය මඟින් අගැයුමට ලක් නොවූ බුද්ධිමය ප්‍රතිභාවන් සහිත දරුවන් අදක්ෂයන් ලෙස හංවඩු ගැසීමේ වැරැද්ද නිරතුරුවම සිදු විය.

කාලීන පුවත්