TIN එක දෙන්න අලුත් ක්‍රමයක්

පුද්ගලයින්ගේ බදු ලියාපදිංචි අංක (TIN) ජනතාව පිළිබඳ දත්ත පවතින රාජ්‍ය ආයතන හරහා ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ.ඒ අනුව එම ආයතනවලින් මෙම තොරතුරු ලබාගෙන ඔවුන් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව බදු ලියාපදිංචි අංකයක් ලබාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.නීතිමය ගැටලු රහිත ආයතනවලින් මෙම තොරතුරු ලබා ගැනීම සිදු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්