දැක්ම සහ අරමුණ

මිනිසුන් ඇතුළු මෙලොව වෙසෙන සකල විධ ජෛවමය ප්‍රජාවේත්, භෞතික ප්‍රභවයන්ගේත් සමතුලනය මත පමණක් මෙලොව අනාගත යහපැවැත්ම සහ චිරස්ථිතිය රැඳී පවතින බව සිද්ධාන්තමය සේම ව්‍යවහාරික වශයෙන් තහවුරු වී ඇති සත්‍යයකි.

එම තත්වය ඉෂ්ඨ සිද්ධ කරගනු පිණිස ඉවහල් වන ස්වභාවික යුක්තිය නම් සනාතන මූලධර්මය අප සමාජය තුළ ස්ථාපිත කරවීම අපගේ මූලික දැක්ම හා අරමුණ ය.

ඒ උදෙසා මිනිස් වර්ගයා තුළ පවත්නා ජාති,ආගම් ඇතුළු සියළු භේද භින්නතා දුරු කොට සර්ව සාධාරණ සමාජයක් අරමුණු කරගනිමින්; ඊට එරෙහිව නැඟී සිටින නොවිධිමත් සමාජ, ආර්ථික, දේශපාලනමය බලවේග මතවාදී වශයෙන් පරාජය කරවීම අනිවාර්ය අවශ්‍යතාවක් ව පවතී.

එම අරමුණ ඉටු කර ගැනීම පිණිස පක්ෂ දේශපාලනයෙන් වියුක්තව ජනතා ආකල්ප පිබිදුවීම අපගේ මුඛ්‍ය අභිප්‍රායකි.

එමෙන්ම මේ වන විට අප ජන සමාජයේ සියලු ජන කොටස් ග්‍රහණය කරගනිමින් නිහඬ ඛේදවාචක රාශියකට තුඩු දෙමින් ශීඝ්‍රයෙන් වර්ධනය වන මිථ්‍යා විශ්වාස හා ඒ හා සබැඳි ජාවාරම් ජාලය සහ ක්‍රියාත්මක යාන්ත්‍රණය මැඩ පැවැත්වීමත් අපගේ ප්‍රධානතම අභිප්‍රායකි.

ඉනුදු නොනවතින අපි ලොව දියුණු රට වලට සාපේක්ෂව අප සමාජය තුළ තවමත් ඉතා ඛේදනීය තත්වයක පවතින සත්ව හිමිකම් සහ අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමටත් විශේෂ උද්යෝගයකින්, උනන්දුවකින් කැපවීමකින් අනලස් ව ක්‍රියා කරන්නෙමු.

 

 

 

error: Content is protected !!