Vitz ලක්ෂ 12 කතාව කෙසේ වෙතත් ලෝකයේ අඩුම වාහන මිල ගණන් මෙන්න

vitz

වසර පහක කාලයක් සිට අත්හිටුවා තිබුණු පුද්ගලික පරිහරණය පිණිස වාහන ආනයනය නිමා කරමින් පසුගිය පෙබරවාරි 25 වැනිදා මුල්ම වාහන තොගය ශ්‍රී ලංකාවට ළඟ විය. කෙසේ නමුත් බොහෝ දෙනෙකු නගන ප්‍රශ්නය වන්නේ මේ වාහන මිලදී ගන්නට තරම් පොදු ජනතාවට වත්කමක් තිබේද යන්නය. මන්ද අලුතින් ආනයනය කරන ලද වාහන සියල්ලකගේම මිල ලක්ෂ 200 ඉක්මවා යන බැවිනි. ජාතික ජන බලවේග පක්ෂයේ එක් ජනප්‍රිය කථිකයකු සිය ඡන්ද මැතිවරණ වේදිකාවල නිතර පවසන ලද්දක් වූයේ අප රටේ වාහන මිල (එවකට පැවති) සමග සැසඳීමේ දී සාමාන්‍ය පුද්ගලයකු වසර ගණනාවක් තිස්සේ මුදල් එකතු කළ ද මිලට ගත හැක්කේ ට්‍රැක්ටරයක රෝදයක් පමණක් බවත් ජපානයේ නිෂ්පාදනය කරන ලද Vitz වර්ගයේ මෝටර් රථයක් ලක්ෂ 12 කට මිලට ගත හැකි තත්ත්වයකට පත් කළ හැකි බවත්, එවිට බොහෝ දෙනෙකුට තමාගේම වාහනයක හිමිකරුවකු විය හැකි බවත්ය.

වාහන සිහිනය සැබෑ කර දෙන බවට සඳහන් කරමින් බලයට පැමිණි කිසිදු රජයකට එය ඉටු කර දිය නොහැකි වූ බව පෙනෙන්නට තිබේ. වාහන මත අය කරන 200%ක් 300%ක් තරම් වූ තීරු බදු, වැට් බදු ආදී මෙකී නොකී සියලු බදු නිසා වාහන මිල අහස උසට නැග ගිය ද ලෝකයේ ඉතා අඩු මිලට පුද්ගලික පරිහරණය පිණිස මිලට ගත හැකි වාහන ඕනෑ තරම් තිබේ. පවතින මිල යටතේ වාහන මිලදී ගැනීම සිහිනයක් පමණක්ම වන බැවින් එවැනි වාහන දෙස බලා හෝ සිත සමනය කර ගත යුතුව තිබේ.

කෙසේ නමුත් වර්තමානය වන විට ත්‍රිරෝද රථයක පවා මිල ලක්ෂ 12 ඉක්මවා ගොස් හමාරය. යහපාලන රජය බලයට පැමිණෙද්දීම මේ ආකාරයටම පොදු ජනතාවගේ වාහන සිහිනය ඉලක්ක කරමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු කළ බව මේ අවස්ථාවේ දී සිහිපත් වේ. මේ ආකාරයට වාහන සිහිනය සැබෑ කර දෙන බවට සඳහන් කරමින් බලයට පැමිණි කිසිදු රජයකට එය ඉටු කර දිය නොහැකි වූ බව පෙනෙන්නට තිබේ. වාහන මත අය කරන 200%ක් 300%ක් තරම් වූ තීරු බදු, වැට් බදු ආදී මෙකී නොකී සියලු බදු නිසා වාහන මිල අහස උසට නැග ගිය ද ලෝකයේ ඉතා අඩු මිලට පුද්ගලික පරිහරණය පිණිස මිලට ගත හැකි වාහන ඕනෑ තරම් තිබේ. පවතින මිල යටතේ වාහන මිලදී ගැනීම සිහිනයක් පමණක්ම වන බැවින් එවැනි වාහන දෙස බලා හෝ සිත සමනය කර ගත යුතුව තිබේ.

බජාජ් කියුට් (Bajaj Qute)

බජාජ් කියුට් (Bajaj Qute)

ඉන්දියාවේ නිෂ්පාදිත, පෙට්‍රල්වලින් ධාවනය වන මෙය දැනට ශ්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන මෝටර් රථයක් වන අතර ආරක්ෂාව පිළිබඳ ගැටලු නිසා මෙය ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දේ තරමක් ප්‍රමාදවය. ජාත්‍යන්තර වෙළෙඳපලෙහි මෙහි මිල ඇ. ඩොලර් 2000 ක් පමණ වන අතර එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 590,000 ක් පමණ වේ. ත්‍රිරෝද රථයකට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වන මෙහි එංජින් ධාරිතාව 216 සී සී වේ. උපරිම වශයෙන් පැයට කිලෝමීටර් 70 ක් පමණ වේගයෙන් ගමන් කළ හැකි මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර් එකකට කිලෝමීටර් 35 ක් පමණ වේ. අවම පහසුකම්වලින් යුක්ත මෙය නාගරික ගමනාගමනය උදෙසා අඩු පිරිවැය ප්‍රවාහන ක්‍රමයක් වශයෙන් නිෂ්පාදනය කර තිබේ. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 10 ත් 14 ත් අතර පවතී.

චැංග්ලි නෙමෙකා (Changli Nemeca)

චැංග්ලි නෙමෙකා (Changli Nemeca)

චීනයේ නිෂ්පාදිත විදුලි මෝටර් රථයක් වන මෙය ලොව මිල අඩුම විදුලි මෝටර් රථය ලෙස සැලකෙන අතර මිල ඇ. ඩොලර් 1,200ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 354,000 ක් පමණ වේ. කිලෝ වොට් 1.1 ක විදුලි මෝටරයක් සහිත මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 40 කි. එක් වරක් ආරෝපණය කිරීමෙන් උපරිම වශයෙන් කිලෝමීටර් 60 ක සීමාවක් දක්වා ගමන් කළ හැකි මෙය ප්‍රමාණයෙන් කුඩා වුව ද දරාගත හැකි මුදලකට කෙටි දුර ධාවනය සඳහා ගැළපෙන මෝටර් රථයක් ලෙස සඳහන් කළ හැකිය.

මරුති සුසුකි ඇල්ටෝ 800 (Maruti Suzuki Alto 800)

මරුති සුසුකි ඇල්ටෝ 800 (Maruti Suzuki Alto 800)

ඉන්දියාවේ නිෂ්පාදිත අඩු වියදම් ජනප්‍රියතම මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් ද විශාල ගැටලු නොමැති මෙය ඇ. ඩොලර් 3,500 කට ජාත්‍යන්තර වෙළෙද පලෙන් මිලට ගත හැකිය. එය රුපියල්වලින් මිලදී ගන්නේ නම් මිල වන්නේ මිලියන 1 යි 32,000 ක් වැනි මුදලකි. පෙට්‍රල් එංජිමක් සහික මෙහි ධාරිතාව 796 සී සී වේ. ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර් එකකට කිලෝමීටර් 22 – 24 ක් අතර පවතී. ඇතුළත සැලසුම් සරල වුව ද සියල්ලක්ම පාහේ පවතී. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 38 – 40 ත් අතර පවතී.

රෙනෝල්ට් ක්විඩ් (Renault Kwid)

රෙනෝල්ට් ක්විඩ් (Renault Kwid)

ඉන්දීය නිෂ්පාදනයක් වන මෙහි පෙනුම වඩාත් ආකර්ෂණීය වන අතර ඇ. ඩොලර් 4,500 ක් හෙවත් රුපියල් ලක්ෂ 13 කට ආසන්න මුදලකට ජාත්‍යන්තර වෙළෙද පළෙන් මිලට ගත හැකිය. පෙට්‍රල් වාහනයක් වන මෙහි එංජින් ධාරිතාව 799 සී සී වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව ලීටර් එකකට කිලෝමීටර් 22 ක් පමණ වේ. නවීන මෝස්තරයකින් සහ ස්පර්ශක තිර තාක්ෂණයෙන් යුක්ත මෙය මුලින්ම වාහනයක් මිලට ගන්නා අයෙකුට ගැළපෙන විසඳුමක් වේ. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 30 – 35 ත් අතර පමණ වේ.

සුසුකි සෙලරියෝ (Suzuki Celerio)

සුසුකි සෙලරියෝ (Suzuki Celerio)

ඉන්දියාවේ නිෂ්පාදිත, ලෝකයේ රටවල් ගණනාවකම භාවිත මේ මෝටර් රථයේ ඉන්ධන කාර්යක්ෂමතාව සහ ප්‍රමාණය මෙහි ජනප්‍රියතාවට හේතු වී තිබේ. පෙට්‍රල් වාහනයන් වන මෙහි එංජින් ධාරිතාව 998 සීසී වන අතර ලීටර් 1 කට කිලෝමීටර් 25 ක ඉන්ධන කාර්යක්ෂමතාවකින් යුක්ත වේ. ඇ. ඩොලර් 5000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 14 – 15 අතර මිලකට ජාත්‍යන්තර වෙළෙද පළේ පවතී. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 40 – 50 ත් අතර පමණ වේ.

ජාත්‍යන්තර වෙළෙඳ පළේ මේ මිල ගණන්වලට පැවතිය ද ශ්‍රී ලංකාවේ අය කරන බදුවලට යටත්ව කිසිදා අප රටේ සාමාන්‍ය පුද්ගලයකුට මේ මිල ගණන් යටතේ මේ කිසිදු වාහනයක් මිල දී ගැනීමේ හැකියාව නැත. අඩුම තරමේ පාවිච්චි කළ වාහනයක්වත් මිලට ගත නොහැකිය. දරාගත හැකි මුදලකට වාහනයක් මිල දී ගත හැකි ආර්ථිකයක් බිහි වේ යැයි සිතිය නොහැකිය.

ඩැට්සන් රෙඩි ගෝ (Datsun Redi-Go)

ඩැට්සන් රෙඩි ගෝ (Datsun Redi-Go)

ඉන්දියාවේ නිෂ්පාදිත පෙට්‍රල් වාහනයක් වන මෙය 799 සී සී සහ 999 සී සී වශයෙන් එංජින් ධාරිතා දෙකකින් මිලට ගැනීමට හැකියාව පවතී. පෙට්‍රල් ලීටර් 1 කට කිලෝමීටර් 22 ක් දක්වා වූ ඉන්ධන කාර්යක්ෂමතාවක් ඇති මෙහි ජාත්‍යන්තර මිල ඇ. ඩොලර් 4,200 ක් පමණ වන අතර ශ්‍රී ලංකා රුපියල්වලින් ලක්ෂ 12 ක් පමණ වේ. ක්‍රීඩා මෝටර් රථ හා සමාන සැලසුමකින් නිමවා තිබේ. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 29 ක් පමණ වේ.

හයිඋන්ඩායි ග්‍රෑන්ඩ් අයි10 (Hyundai Grand i10)

හයිඋන්ඩායි ග්‍රෑන්ඩ් අයි10 (Hyundai Grand i10)

දකුණු කොරියාව, ඉන්දියාව, මෙක්සිකෝව සහ තුර්කිය යන රටවල නිෂ්පාදනය කෙරෙන මේ පෙට්‍රල් මෝටර් රථය 998 සී සී එංජින් ධාරිතාවකින් යුක්තය. කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර් 1 කට කිලෝමීටර් 20 ක් පමණ වේ. ඉතා නවීන මෝස්තරයකින් නිමවා ඇති මෙහි සුවපහසු ස්වභාවය ද උසස් මටට්මක පවතී. ජාත්‍යන්තර වෙළෙඳපලෙන් ඇ. ඩොලර් 6,500 කට හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 19 කට පමණ මිලට ගත හැකි වේ. කෙසේ නමුත් අපේ රට තුළ මේ වර්ගයේ පාවිච්චි කළ වාහනයක මිල ලක්ෂ 60 – 65 ක් පමණ වේ.

ජාත්‍යන්තර වෙළෙඳ පළේ මේ මිල ගණන්වලට පැවතිය ද ශ්‍රී ලංකාවේ අය කරන බදුවලට යටත්ව කිසිදා අප රටේ සාමාන්‍ය පුද්ගලයකුට මේ මිල ගණන් යටතේ මේ කිසිදු වාහනයක් මිල දී ගැනීමේ හැකියාව නැත. අඩුම තරමේ පාවිච්චි කළ වාහනයක්වත් මිලට ගත නොහැකිය. දරාගත හැකි මුදලකට වාහනයක් මිල දී ගත හැකි ආර්ථිකයක් බිහි වේ යැයි සිතිය නොහැකිය.

නිරංජන් චාමින්ද කරුණාතිලක

අරුමැසි පුවත්