අගමැති ඉල්ලා අස්වෙයි;පැය කිහිපයකට පෙර ජනතාව වෙනුවෙන් කැප වන බවකුත් කියලා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇත.අද(09) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට ගෙන්වා ගත් තම අනුගාමිකයන් අගමැති පදවියෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේ තමන් ජනතාව වෙනුවෙන් උපරිම ලෙස කැප වන බව කියා සිටි ඔහු පැය කිහිපයකට පසු මෙම තීරණය ගෙන තිබේ. දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බස් රථ යොදවා ගෙන්වා ගත් අගමැති වරයාගේ අනුගාමිකයන් එම හමුවීමෙන් පසුව පළමුව අරලිය ගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගමටත් දෙවනුව ගාලු මුවදොර පිටියේ ගෝටාගෝගමත් පැවැති ජන අරගල වලට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ප්‍රති ප්‍රහාර වලට එල්ල වීමෙන් පසු අගමැති වරයා මේ තීරණය ගෙන තිබේ.ඔහු මේ වන විට තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වරයා වෙත යොමු කොට ඇති බව ද දැන ගන්නට ඇත.

කාලීන පුවත්